ප්‍රතිඵලයෙන් පසු අලුත් අර්බුදයක්‌ – බහුතර බලයකට එජාප, ශ්‍රීලනිප රහස්‌ සාකච්ඡා | Gossip Lanka Sinhala News
Loading...
Feb
11
ප්‍රතිඵලයෙන් පසු අලුත් අර්බුදයක්‌ – බහුතර බලයකට එජාප, ශ්‍රීලනිප රහස්‌ සාකච්ඡා

ප්‍රතිඵලයෙන් පසු අලුත් අර්බුදයක්‌ – බහුතර බලයකට එජාප, ශ්‍රීලනිප රහස්‌ සාකච්ඡා

1359 Views

බහුතර බලයක්‌ හිමි නොවන පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රධාන පක්‌ෂ අතර අභ්‍යන්තර නිල නොවන මට්‌ටමින් සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

නව මැතිවරණ ක්‍රමයට අනුව මෙවර පළාත් පාලන මැතිවරණයෙන් බහුතර බලයක්‌ ලබා ගැනීමට අදාළ පළාත් පාලන ආයතන බල ප්‍රදේශයෙන් සියයට 55 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක්‌ ලබා ගත යුතු වෙයි.

බහුතර බලයක්‌ නැති ආයතනවල මධ්‍යම ආණ්‌ඩුව මෙන් ශ්‍රීලනිපයත් සමග එක්‌ව බහුතර බලයක්‌ පිහිටුවා ගත යුතු බවට එජාපයේ මතය වී ඇති අතර ඒකාබද්ධ විපක්‌ෂය සමග එක්‌ව බහුතර බලයක්‌ ඇති කරගත යුතු බවට ශ්‍රීලනිපයේ මතය වී ඇතැයි ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් අද (11 දා) මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර අවසන් වීමෙන් පසුව නිල වශයෙන් පක්‌ෂ අතර සාකච්ඡා සිදු කිරීමට සැලසුම් කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

බහුතර බලයක්‌ ගොඩනැඟීමට පැවැති සාකච්ඡාවලදී යම් යම් පක්‌ෂ එකඟ වී ඇතත් එම ආයතනවල නගරාධිපති හෝ සභාපති ධුරයන් ලබාදීම පිළිබඳව එකඟතාවට පැමිණීමට මෙතෙක්‌ කිසිවකුට නොහැකි වී ඇතැයි ද වාර්තා වෙයි.

-රනිල් ධර්මසේන

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!