ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින්න – හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් | Gossip Lanka Sinhala News
Loading...
Feb
11
ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින්න – හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින්න – හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

494 Views

මැතිවරණයේ දී සහය දුන් සැමට සිය ස්තූතිය පල කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පරාජිත පාර්ශවයන්ට බලපෑම් නොවන පළාත් පාලන මැතිවරණයට අදාළ ජයග්‍රහණ සාමකාමීව භුක්ති විඳින ලෙසයි.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හිටපු ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කර ජයග්‍රහණය කළ සියලුදෙනාට සුබ පැතුම් පළ කරන බව ද එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

එමෙන්ම සහය දැක්වු පක්ෂවලට මෙන්ම කැපවී සේවය කළ සියලුදෙනාට ස්තුතිය පළ කරන බව ඔහු පවසයි.

පරාජයට පත්වුවන්ට හිරිහැර කිරීමෙන් තොරව ආදර්ශමත්ව සාමකාමීව ජයග්‍රහණය භුක්ති විඳින ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!