හැටන් පන්මුර් වතුයායේ වතුකම්කරුවන් හත්දෙනෙකුට පහරදුන් දිවියා වෙනුවෙන් මරු කටට ගිය බල්ලා | Gossip Lanka Sinhala News
Loading...
Jan
4
හැටන් පන්මුර් වතුයායේ වතුකම්කරුවන් හත්දෙනෙකුට පහරදුන් දිවියා වෙනුවෙන් මරු කටට ගිය බල්ලා

හැටන් පන්මුර් වතුයායේ වතුකම්කරුවන් හත්දෙනෙකුට පහරදුන් දිවියා වෙනුවෙන් මරු කටට ගිය බල්ලා

1815 Views

හැටන් පොලිස් වසමට අයත් පන්මුර් වතුයායේ වතුකම්කරුවන් හත්දෙනෙකු පහරදි තුවාල සිදුකළ දිවියා අල්ලා ගැනිම සදහා ඊයේ (03) අටවන ලද උගුලට දිවියා හසු නොවු බව වනජිවි නිලධාරින් පවසයි.

මෙම දිවියා අල්ලා ගැනිම සදහා ඊයේ (03) දවස පුරා නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් උඩවලව වනජිවි පශු වෛද්‍ය රෝහලේ වෛද්‍යවරුන් සහ මධ්‍යම පළාත් සහකාර වනජිවි අධ්‍යක්‍ෂකවරයා ඇතුළු නිළධාරින් වතුකම්කරුවන් හැටන් පොලිසියේ නිලධාරින් දැවැන්ත මෙහෙයුමක් සිදුකළ අතර එම මෙහෙයුමේදි දිවියා අල්ලා ගැනිමට නොහැකි විය.

මේ අනුව දිවියා නිතර නිතර සැරි සැරු ස්ථානයක දිවියා අල්ලා ගැනිම සඳහා විශේෂ කුඩුවක් යොදා ගනිමින් උගුලක් ඇටවිමට මධ්‍යම පළාත් සහකාර වනජිවි අධ්‍යක්‍ෂක පි.එමි විරසිංහ මහතා කටයුතු කර තිබිණි.

දිවියා අල්ලා ගැනිමට සිදුකළ මෙහෙයුමේදි අලි වෙඩි පාවිචිචි කිරිම නිසා කොටියා බියවි තේ වතුයායෙන් රක්‍ෂිතය දෙසට පලා යන්නට ඇති බව වනජිවි නිළධාරින් සැකකරයි.

දින කිහිපයකින් යලිත් එම දිවියා ගොදුරු සොයා සුපුරුදු ස්ථාන වෙත පැමිණෙන බවත් එතෙක් එම දිවියා අල්ලා ගැනිමට සවිකර ඇති උගුල එම ස්ථානයේම රදවන බව වනජිවි නිළධාරින් පැවසීය.

මේ අතර දිවියා පහරදිමෙන් තුවාල ලබා නාවලපිටිය මුලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලැබු හත්දෙනා රෝහලෙන් බැහැර කර ඇති අතර එම රෝගින් පවසන්නේ තමන්ට දිවියා පහරදිමෙන් ඇති වු තුවාල සනිප වී නොමැති බවත් එවන් තත්ත්වයක තමන්ව නාවලපිටිය රෝහලෙන් බැහැර කළ බවයි.

දිවි බිය නිසා වතුකමිකරුවන් වැඩ වර්ජනය කිරිම හේතුවෙන් එම වතුයායේ තේ දළු නෙලිමේ කටයුතු සම්පුර්ණයෙන්ම නතර වි ඇති බව වතු අධීකාරිවරයා ප්‍රකාශ කරයි.

දිවි බිය නිසා එම වතුයායේ පිහිටි පන්මුර් දෙමළ මහා විද්‍යාලයටද ළමුන්ගේ පැමිණිමේ අඩුවක් ඇති බව එම විදුහලේ ගුරුවරයෙකුද පැවසීය.

මේ අතර දිවියා අල්ලා ගැනීමට ඇම සඳහා යොදා ඇත්තේ බල්ලෙක් බව වාර්තා වේ.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!