සිසුන් පිරිසක් ගුරුවරයකුට පුටු කැඩෙනතුරු පහර දෙයි! බරපතල තුවාල ලැබූ පාසල් ගුරුවරයා රෝහලේ | Gossip Lanka Sinhala News
Loading...
Jan
24
සිසුන් පිරිසක් ගුරුවරයකුට පුටු කැඩෙනතුරු පහර දෙයි! බරපතල තුවාල ලැබූ පාසල් ගුරුවරයා රෝහලේ

සිසුන් පිරිසක් ගුරුවරයකුට පුටු කැඩෙනතුරු පහර දෙයි! බරපතල තුවාල ලැබූ පාසල් ගුරුවරයා රෝහලේ

2130 Views

කිළිනොච්චිය හින්දු විද්‍යාලයේ සිසුන් පිරිසක් එම විද්‍යාලයේම ගුරුවරයෙකුට පහරදීම නිසා එම ගුරුවරයා බරපතල ලෙස තුවාල ලබා 23 දා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබෙනවා. පහරකෑමට ලක් වූ ගුරුවරයා මෙම සිසුන්ට විනය විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් දඬුවම් කර ඇති අතර ඉන් පැයකට පමණ පසුව මෙම සිසුන් පිරිස පැමිණ ගුරු විවේකාගාරයේ සිටි ගුරුවරයාට විවේකාගාරයේ තිබූ පුටුවලින් පුටු කැඩෙන තුරු පහර දී ඇත.

තුවාල ලැබූ ගුරුවරයා ප්‍රතිකාර ලබද්දී කිලිනොච්චිය රෝහල් පොලීසිය අදාල ගුරුවරයාගෙන් ලබා ගත් කට උත්තර මත සිද්ධියට සම්බන්ධ සිසුන් 06 දෙනකු හඳුනාගෙන තිබෙනවා. පොලීසිය මේ සම්බන්ධයෙන් කිලිනොච්චිය දිසා විනිසුරු වෙත තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසුව එම සිසුන් අත් අඩංගුවට ගන්නා ලෙස පොලීසියට නියෝග කොට ඇත.

කිළිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වනවා.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!