නිවසක් මංකොල්ලකෑ හොරෙකු නිදහස් කරන ලෙස සපුගස්කන්ද OIC ට තර්ජනය කළ JVP මන්ත්‍රී අල්ලයි | Gossip Lanka Sinhala News
Loading...
Jan
5
නිවසක් මංකොල්ලකෑ හොරෙකු නිදහස් කරන ලෙස සපුගස්කන්ද OIC ට තර්ජනය කළ JVP මන්ත්‍රී අල්ලයි

නිවසක් මංකොල්ලකෑ හොරෙකු නිදහස් කරන ලෙස සපුගස්කන්ද OIC ට තර්ජනය කළ JVP මන්ත්‍රී අල්ලයි

801 Views

සපුගස්කන්ද පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට බැන තර්ජනය කිරීම හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස චෝදනාවට ලක්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අශෝක රන්වලයි.

හෙයියන්තුඩුව ගොඩැල්ලවත්ත ප‍්‍රදේශයේ නිවසක් මංකොල්ලකෑමේ සිද්ධියකට අදාළව සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවටගෙන සිටි සැකකරුවෙකු මුදා හරින ලෙස ඉල්ලා මන්ත‍්‍රීවරයා ඊයේ (04) රාත‍්‍රියේ පොලිසියට පැමිණ තිබෙනවා.

එහිදී වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඔහුගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇති අතර මන්ත‍්‍රීවරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරයාට බැණ තර්ජනය කර ඇත්තේ එම අවස්ථාවේදීයි. අත්අඩංගුවට ගත් සැකකාර පළාත් සභා මන්ත‍්‍රීවරයා මහර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!