පෙම්වතිය හෝ පෙම්වතා සිප ගැනීමට පෙර ඔබ දැන සිටිය යුතුම දේවල් 10ක් මෙන්න | Gossip Lanka Sinhala News
Loading...
Dec
11
පෙම්වතිය හෝ පෙම්වතා සිප ගැනීමට පෙර ඔබ දැන සිටිය යුතුම දේවල් 10ක් මෙන්න

පෙම්වතිය හෝ පෙම්වතා සිප ගැනීමට පෙර ඔබ දැන සිටිය යුතුම දේවල් 10ක් මෙන්න

2116 Views

පෙම්වතාගෙන් හෝ පෙම්වතියගෙන් ලැබෙන ප්‍රථම හාදුව කියන්නේ අපේ ජීවිතයේ කිසිදාක නොමැකෙන සමරු සටහනක් වගේ දෙයක්. නමුත් ඔබට ඒ මොහොත හරියට ග්‍රහණය කරගන්න බැරි වුනොත් එය පසුතැවීම, කලකිරීම වැනි සෘණාත්මක හැඟීම් ඉතිරි කරන දෙයක් බවට පත්වේවි. ඒ නිසා ප්‍රථම හාදුවට පෙර පහත දේවල් ගැන සැලකිලිමත් වී සිටීම ඇඟට ගුණයි.

ඔබේ පෙම්වතිය/පෙම්වතා සිපගැනීමකට සූදානම් වී සිටීම

මෙහිදී ඔහු හෝ ඇය සිප ගැනීමක් ලබන්නට කැමැත්තෙන් සිටින මොහොතක් වීම අනිවාර්යයයි. ඔබ දෙදෙනා එකිනෙකා හා ස්පර්ශ වෙමින් සුහද ලෙස කතා බහක යෙදී සිටින, සිනා සෙමින් සිටින අවස්තාවක් මේ සඳහා වඩා සුදුසුයි.

ඔබේ හුස්ම දුර්ගන්ධයෙන් තොර වීම

මතක හිටින ආකාරයේ මිහිරි සිප ගැනීමකට දුර්ගන්ධයෙන් තොර හුස්මක් තිබිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ සඳහා ඔබ ඔබේ මුඛ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වී තිබිය යුතුයි.

සිප ගැනීමකට සුදුසු පරිසරයක සිටීම

සෙනග ගැවසෙන, තදබදයක් සහිත, ඝෝෂාකාරී පරිසරයක් සිප ගැනීම සඳහා කොහෙත්ම සුදුසු නැහැ. ඒ නිසා එම අවස්ථාවට ගැළපෙන ප්‍රේමණීය පරිසරයක් ඇති ස්ථානයක් ඔබ විසින් තෝරාගෙන තිබිය යුතුයි.

සිරුරෙන් නිකුත් වන සුවඳ

මුඛ සෞඛ්‍ය ගැන අපි මීට කලින් කතා කළා. ඒ පමණක් නෙවෙයි ඔබේ සිරුරෙන් දහදිය ගඳ වහනය වනවානම් එය ඔබේ පෙම්වතාට/පෙම්වතියට අප්‍රසන්න අත්දැකීමක් වන්නට පුළුවන්. ඒ නිසා පිරිසිදුව, පිළිවෙලකට ඔහු හෝ ඇය ඉදිරියේ පෙනී සිටීම වැදගත්.

සිප ගැනීමකට සුදුසු ආකාරයෙන් සමීපව සිටීම

සිප ගන්නා විට ඔබ දෙදෙනා ඉතා සමීපව සිටීම ඉතාම ප්‍රේමණීය වනවා.

මෘදු ලෙස ආරම්භය ගැනීම

කලබලය මෙන්ම ආවේගශීලී වීම මෙවන් මොහොතකට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ.

දෑත්වල පිහිටීම

සිප ගන්නා විට ඔබේ දෑත් ඔහුගේ හෝ ඇයගේ සිරුර වටා එතී තිබීම ඔවුන්ට සුරක්ෂිත හැඟීමක් ගෙන දේවි.

දිව භාවිතා කිරීම

ප්‍රථම හාදුවෙදී තම පෙම්වතා අනවශ්‍ය ආකාරයට දිව භාවිතා කිරීම කාන්තාවන්ගේ නොරිස්සුමට ලක්වන බවයි කියැවෙන්නේ. ඒ නිසා ඇයට අප්‍රසන්න හැඟීමක් ගෙන නොදෙන ආකාරයට එය පාලනය කරගැනීම වැදගත්.

හාදුවේ වේලාව

හාදුවක් කොපමණ වෙලාවක් පුරා දිය යුතුද යන්න පිලිබඳ නිශ්චිත මිනුමක් නැහැ. ඔබ දෙදෙනා කැමති, පහසුවෙන් සිටිය හැකි ඕනෑම වෙලාවක් පුරා ඔබට සිප ගැනීමේ නිරතව සිටිය හැකියි.

හාදුවෙන් පසු හැසිරීම

මෙය ඉතාම වැදගත් අවස්ථාවක්. සිප ගැනීමෙන් පසුවත් එකිනෙකා හා මිත්‍රශීලීව සිටින්නට ඔබ වග බලාගත යුතුයි. තැති ගැනීමෙන් හා කලබලකාරීව සිටිය යුතු නැහැ. හාදුවෙන් පසුව ‘මම මේ මොහොත වෙනකල් බලාගෙන හිටියා’ වැනි යමක් පැවසීම සුදුසුයි. එසේත් නැත්නම් සාමාන්‍ය ආකාරයට කතා බහක් පටන් ගැනීම කළ හැකියි.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!