ලෙයින් පළි ගන්නා දකුණු පාතාල සටනේ කොස්ගොඩ සුජීට කඩේ ගිය පොඩි ලැසීගේ ගෝලයෝ දෙදෙනෙක් බඩුත් එක්ක මාට්ටු වූ හැටි – ඡායාරූප | Gossip Lanka Sinhala News
Loading...
Dec
6
ලෙයින් පළි ගන්නා දකුණු පාතාල සටනේ කොස්ගොඩ සුජීට කඩේ ගිය පොඩි ලැසීගේ ගෝලයෝ දෙදෙනෙක් බඩුත් එක්ක මාට්ටු වූ හැටි – ඡායාරූප

ලෙයින් පළි ගන්නා දකුණු පාතාල සටනේ කොස්ගොඩ සුජීට කඩේ ගිය පොඩි ලැසීගේ ගෝලයෝ දෙදෙනෙක් බඩුත් එක්ක මාට්ටු වූ හැටි – ඡායාරූප

306 Views

දකුණේ ප්‍රබල පාතාල නායකයෙකු වන පොඩි ලැසීගේ ගෝලයන් දෙදෙනෙකු ටී 56 ගිනි අවියක්, උණ්ඩ තොගයක් සහ ජංගම දුරකතන 5 ක් සමග අද අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ සහ බටපොල පොලිසිය සිදුකළ ඒකාබද්ද මෙහෙයුමකින් පසුවයි.

මේ සමග ගිනි අවිය සඟවා ප්‍රවාහනය කළ හැකි යතුරුපැදියක් සහ තවත් යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත්තේ පසුගිය 30 වැනිදා අම්බලන්ගොඩ බටපොල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක්.

එම පුද්ගලයන් දෙදෙනා එම වෙඩි තැබීම සිදුකර ඇත්තේ දකුණේ තවත් පාතාල නායකයෙකු වන ඩුබායි හි වෙසෙන කොස්ගොඩ සුජීගේ අවශ්‍යතාව මත බවයි වාර්තා වන්නේ.

එලෙස වෙඩි ප්‍රහාරයට ලක්වුණේ කොස්ගොඩ තාරක නැමැති පාතාල නායකයාගේ ඥාතින් බවයි වාර්තා වන්නේ.

එම වෙඩි තැබීම සිදුකර තිබුනේ කොස්ගොඩ තාරක නැමැත්තා විසින් කොස්ගොඩ සුජීගේ ඥාතින් 4 දෙනෙකු ඝාතනය කිරීමට එකට එක කිරීම ලෙසයි.

මේ අනුව පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ අද අත්අඩංගුවට පත්වූ පොඩි ලැසීගේ ගෝලයන් දෙදෙනා 30 වැනිදා සිදුවූ වෙඩි තැබීම සිදුකර ඇත්තේ කොස්ගොඩ සුජීගේ අවශ්‍යතාව මත බවයි.

කොස්ගොඩ සුජී සහ පොඩි ලැසී එකම කල්ලියක සාමාජිකයන් බවයි පොලිසිය පවසන්නේ.

ඡායාරූප පහතින් බලන්න.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!