තමන් සුරතලයට ඇති කල සුනඛයන් දෙදෙනා බඩගින්නේ තැබූ තරුණිය නොසිතූ ලෙස ඔවුන්ටම ආහාරයක් වූ හැටි – ඡායාරූප | Gossip Lanka Sinhala News
Loading...
Dec
21
තමන් සුරතලයට ඇති කල සුනඛයන් දෙදෙනා බඩගින්නේ තැබූ තරුණිය නොසිතූ ලෙස ඔවුන්ටම ආහාරයක් වූ හැටි – ඡායාරූප

තමන් සුරතලයට ඇති කල සුනඛයන් දෙදෙනා බඩගින්නේ තැබූ තරුණිය නොසිතූ ලෙස ඔවුන්ටම ආහාරයක් වූ හැටි – ඡායාරූප

1476 Views

තමන් සුරතලයට ඇති කල සුනඛයන් දෙදෙනා අතින් මරණයට පත්වූ තරුණියක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Bethany Lynn Stephens නම් අවුරුදු 22 ක තරුණියක් මෙලෙස මරණයට පත්ව තිබෙනවා.

Tonka සහ Pac Man නමි තැබූ pit bull වර්ගයේ සුනඛයන් දෙදෙනා අදාළ තරුණියගේ පියාගේ නිවසේදී තරුණියගේ මෘත ශරීරය ආහාරයට ගනිමින් සිටියදී සොයාගෙන තිබෙනවා. එහිදී ඇයගේ හිස කඳෙන් වෙන්ව තිබුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

සුනඛයන් සපාකෑම පිලිබඳ විශේෂ වෛද්‍ය පරීක්ෂක Ron Berman පවසා තිබුනේ ඔවුන් දින කිහිපයක් බඩගින්නේ සිට ඇති අතර ඒ හේතුවෙන් මෙලෙස ඔවුන්ගේ ස්වාමියාගේ සිරුර ආහාරයට ගන්න ඇති බවයි. කෙසේ වෙතත් සුනඛයන් කිසි විටක පණපිටින් කිසිවෙක් ආහාරයට නොගන්නා බවත් ඇය මියගිය පසුව මෙලෙස ආහාරයට ගෙන ඇත්තේ දින කිහිපයක සිට තිබු අධික බඩගින්න නිසාවෙන් බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබෙනවා. ඔවුන් කෙතරම් බඩගින්නක සිටින්න ඇත්ද යන්න ඇටකටු මතුවූ ඔවුන්ගේ සිරුරු දුටු විට තහවුරු විය.

අදාළ තරුණිය දවසින් වැඩි කලක් තම සුනඛයන් දෙදෙනා හා ගෙවන බවද , කුඩා කල සිටම ඔවුන් හැදී වැඩුනේද ඇය ළඟ බවද , මෙලෙස ඔවුන් ආහාර නොමැතිව සිටියේ කෙසේද යන්න සිතාගත නොහැකි බව අදාළ තරුණියගේ පියා සඳහන් කර තිබුනා. සිද්ධිය පිලිබඳ පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇති අතර අදාළ සුනඛයන් දෙදෙනා ආරක්ෂක කූඩුවෙන් පිට වුයේ කෙසේද යන්න තවම රහසකි.

ජයාරූප පහතින්.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!