ඉදිරි පැය 24 අවදානම්..! හෙටින් පස්සේ මුහුදු යන්නත් එපා කියයි.. අද සවස නිකුත් කළ අලුත්ම කාළගුණ අනතුරු ඇඟවීම මෙන්න – වීඩියෝ | Gossip Lanka Sinhala News
Loading...
Dec
4
ඉදිරි පැය 24 අවදානම්..! හෙටින් පස්සේ මුහුදු යන්නත් එපා කියයි.. අද සවස නිකුත් කළ අලුත්ම කාළගුණ අනතුරු ඇඟවීම මෙන්න – වීඩියෝ

ඉදිරි පැය 24 අවදානම්..! හෙටින් පස්සේ මුහුදු යන්නත් එපා කියයි.. අද සවස නිකුත් කළ අලුත්ම කාළගුණ අනතුරු ඇඟවීම මෙන්න – වීඩියෝ

795 Views

පසුගිය කාලය පුරාවටම පැවතුනු අයහපත් කාළගුණ තත්වය නිසා බොහෝ දෙනා මේ දිනවල කාළගුණ අනාවැකි කෙරෙහි වැඩි උනන්දුවක් දක්වනවා. මේ දිනවල බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින පීඩන අවපාතයේ බලපෑම නිසා උතුර, නැගෙනහිර හා දකුණු මුහුදු ප‍්‍රදේශ ඉතා රළු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ නිසා හෙට (05) සිට මෙම මස (08) වැනිදා දක්වා උතුර, නැගෙනහිර හා දකුණු මුහුදු ප‍්‍රදේශ වල ධීවර කටයුතු වල නිරතවීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

මෙම පීඩන අවපාතයේ බලපෑම නිසා බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 90, 100 පමණ වර්ධනය විය හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා. දැනට අඩු පීඩන කලාපයක් ලෙස පැවතුනද හෙට දිනය වන විට එය පීඩන අවපාතයක් බවටට පත්වනු ඇතැයි අපේක්‍ෂා කෙරෙනවා.

එසේම මෙම පීඩන අවපාතය ඉදිරි දින කිහිපය තුලදී බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය හරහා උතුරු තමිල්නාඩුවේ ආන්ද්‍රා ප‍්‍රදේශයට ගමන් කරනු ඇතැයි අපේක්‍ෂා කරන අතර මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!