මාතරට මහා ගංවතුර තත්ත්වයක්..! – අවධානයෙන් සිටින්නැයි ජනතාවට උපදෙස් | Gossip Lanka Sinhala News
Loading...
Dec
1
මාතරට මහා ගංවතුර තත්ත්වයක්..! – අවධානයෙන් සිටින්නැයි ජනතාවට උපදෙස්

මාතරට මහා ගංවතුර තත්ත්වයක්..! – අවධානයෙන් සිටින්නැයි ජනතාවට උපදෙස්

669 Views

නිල්වලා ගඟ පහළ නිම්නයේ හා කිරමආර අවට මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. ගිං ගඟද පහළ ප‍්‍රදේශවලින් ගංවතුර මට්ටමේ පවතින බවයි එහි ජල විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ පේ‍්‍රමා හෙට්ටිආරච්චි කියා සිටියේ.

කළු ගඟ ද මිල්ලකන්ද ප‍්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතින බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. කැලණි ගඟේ අවදානම් තත්වයක් නොමැති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කළේ.

මේ අතර ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර තිබෙනවා. ඊයේ පස්වරුවේ එහි වාන් දොරටු 04ක් විවෘත කර තිබුණත් මේ වනවිට ඒවායෙන් 03ක් වසාදමා තිබෙන බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් තවදුරටත් විවෘත කර තිබෙන වාන් දොරටුවෙන් ජලය මුදාහැරෙන බැවින් කොත්මලේ ඔය පරිහරණය කරන්නන් විමසිලිමත් විය යුතු බව අවධාරණය කෙරුණා.

කාසල්රී ජලාශයේ ද ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!