ඉතිපිසෝ ගාථාව කිය කිය මරබයේ හිටියේ.. ඉව දැනිලා ළඟට ආවේ ඊයක වේගෙන්..එකපාරට නැවතිලා දණ ගැහුවා – “නිය‍පොත්තා” බුදු ගුණ අසා දණ නමයි | Gossip Lanka Sinhala News
Loading...
Dec
29
ඉතිපිසෝ ගාථාව කිය කිය මරබයේ හිටියේ.. ඉව දැනිලා ළඟට ආවේ ඊයක වේගෙන්..එකපාරට නැවතිලා දණ ගැහුවා – “නිය‍පොත්තා” බුදු ගුණ අසා දණ නමයි

ඉතිපිසෝ ගාථාව කිය කිය මරබයේ හිටියේ.. ඉව දැනිලා ළඟට ආවේ ඊයක වේගෙන්..එකපාරට නැවතිලා දණ ගැහුවා – “නිය‍පොත්තා” බුදු ගුණ අසා දණ නමයි

1365 Views

හොරොව්‍පොතාන ලබුඇට බැන්දගල පිහිටි හේන් යායේ ගසක් උඩට වී බඩඉරිඟු හේන රකිමින් සිටි ගොවියෙකුට පහරදීමට පැමිණි නිය‍පොත්තා නම් දරුණු අලියා ඉතිපිසෝ ගාථාව කියා මෙල්ල කර දිවි බේරා ගැනීමේ පුවතක් හොරොව්‍පොතානෙන් වාර්තා විය.

හොරොව්‍පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ආරක්ෂිත වැට බිඳීමෙන් අනතුරුව ගම්වැදී සිටින දරුණු වන අලින් අතර සිටින නිය‍පොත්තා නමින් හඳුන්වන ප්‍රචණ්ඩ වන අලියා මොරගොඩ ලබුඇට බැන්දගල බඩ ඉරිඟු හේන් යායට පසුගිය සතියේ සිට දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටින අතර මේ වනවිට එම ප්‍රහාර හමුවේ එක් ගොවියෙකුගේ දිවි අහිමි වී තවත් ගොවියෙකු බරපතළ තුවාල ලබා තිබේ.

කොතරම් වන අලි ප්‍රහාර එල්ලවුවත් කන්න කිහිපයකට පසුව වගාකළ බඩඉරිඟු හේන් වගාව රැක ගැනීම සඳහා ඇතැම් ගොවීන් රාත්‍රියට ලබු ඇට බැන්දගල හේන්යායට යාම අත්හැර නැති බව වාර්තා විය.

පෙරේදා (26) දිනයේත් සුපුරුදු පරිදි වනිගරත්නම් ගොවි මහතා පැල් රැකීම සඳහා හේනට ගොස් ඔහු විශාල කුඹුක් ගසක් උඩ ඉදිකර තිබෙන පැලට නොයා ඒ ආසන්නයේ පිහිටි වෙනත් විශාල ගසක් උඩට වී හේන ආරක්ෂා කිරීමේ කාර්යේ නිරත වී තිබේ.

සුපුරුදු පරිදි බඩඉරිඟු හේන්යාය විනාශ කිරීමට පැමිණ ඇති නිය‍පොත්තා කුඹුක් ගස උඩ තිබූ පැළ බිමට කැඩී වැටෙන තුරුම ගසට පහර දී තිබේ. එම දර්ශනය දුටු වනිගරත්න ගොවි මහතා බියෙන් ගැහෙමින් ගස උඩට වී ඉතිපිසෝ ගාථාව 25 වතාවක් කියද්දී නිය ‍පොත්තාට අසල වූ ගස උඩ කිසිවෙකු සිටින බව ඉවෙන් දැනී එම ගසට පහරදීමට ඊයක බදු වේගයෙන් පැමිණ තිබේ.

මරණ බියෙන් ගැසෙමින් සිටි ගොවියා හඬ නගමින් ඉතිපිසෝ ගාථාව කියද්දී බඩඉරිඟු යාය ‍පොඩි කරමින් වේගයෙන් පැමිණි නිය‍පොත්තා එකතැන නතර වී දණ ගසාගෙන ස්වල්ප මොහොතක් සිට ඇති අතර ඉන් ප්‍රයෝජනය ගත් ගොවියා ගසෙන් බිමට බැස කෑගසමින් ගම්මානයට දිවගොස් දිවි බේරාගෙන තිබේ.

නිය‍පොත්තා ගොවියා පසුපස පැමිණියත් ගම්මානයේ පදිංචි පිරිස් අලි වෙඩි දමා කෑකෝ ගසා ප්‍රචණ්ඩ වන අලියාව මෙල්ල කර කැලයට හරවා යැවීමට සමත් වී තිබුණි.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!