මෙන්න මේ වගේ දේවල් ගෙවත්තේදී, කැළැවකදී හෝ කොතනකදී හෝ දැක්කොත් වහාම එම ස්ථානයෙන් ඉවත් වන්න – නැතිනම් ඔබට සොරිම තමයි | Gossip Lanka Sinhala News
Loading...
Dec
4
මෙන්න මේ වගේ දේවල් ගෙවත්තේදී, කැළැවකදී හෝ කොතනකදී හෝ දැක්කොත් වහාම එම ස්ථානයෙන් ඉවත් වන්න – නැතිනම් ඔබට සොරිම තමයි

මෙන්න මේ වගේ දේවල් ගෙවත්තේදී, කැළැවකදී හෝ කොතනකදී හෝ දැක්කොත් වහාම එම ස්ථානයෙන් ඉවත් වන්න – නැතිනම් ඔබට සොරිම තමයි

1974 Views

වනාන්තරය හෝ ගම්බද පෙදෙසක සැරිසරද්දී ඔබ කලින් නොදුටු දෙයක් හමුවීම සාමාන්‍යයෙන් ඔබව කලබලයට පත් කරන්න පුළුවන්. එය ඔබට අනිවාර්යෙන්ම කුතුහලයක් ඇති කරාවි. ඉන්පුස් ඒ ගැන විපරම් කිරීමට ඔබ පෙළඹෙනවා. මේ ටික සාමාන්‍යයෙන් අපි ඕනෑම කෙනෙක් නුහුරු නුපුරුදු දෙයක් දැක්කහම කරන දේවල් නේ. නමුත් සමහර අවස්ථාවන් වලදී හමුවෙන එවැනි දේවල් ගැන විපරම් නොකර මගහැර යන එක හොඳයි කියලා කියන්න සිදුවෙන අවස්ථාවනුත් නැතුවම නෙවෙයි. අන්න ඒ වගේ දැක්කේ කොතනද කියලා තැන නොතැන බලන්නේ නැතුව අයින් වෙන්න ඕන දේවල් ටිකක් ගැන තමයි අද අපි ඔයාලට පෙන්වන්න සූදානම් වන්නේ. එහෙනම් බලන්නකෝ මොනවද ඒ භයානක දේවල් කියලා.

01. පුස් නැතිනම් දිලීර.

අපට වනයේ හමුවන සමහර දිලීර ඉතාමත් භයානක වෙන්න පුළුවන්. ”OCTOPUS STINKHORN” සහ “DEVILL FINGERS” යන පටබැදි නාමයන්ගෙන් හදුන්වන මේ සමහරක් දිලීර මේ භයානක ගණයට අයත් වෙනවා. මේවයේ ඇති ග්‍රාහිකා ගොදුරු අල්ලාගැනීමට සකස් වී තිබෙනවා. මේවා කැලයේ හටගන්නා ඇති නිසා ඔබ ඔබ වද විය යුත්තේ එයින් හමන දුර්ගන්ධය ගැනයි.

ආසියානු කලාපයෙන් හමුවන “PODOSTROMA CORNU-DAMAE” නම් දිලීරය නම් මිනිසාට එතරම් හිතකර බිම්මල් විශේෂයක් නොවෙ. මන්දයත් ඒවායේ “TRICHOTHECENE MYCOTOXIN” නම් විෂ අන්තර්ගත වී තිබෙන නිසා. මේවායින් ඔබේ සමේ අසාදන ඇති වීමට ඉඩ තිබෙනවා.

“LEPIOTA BRUNNEOINCARNATA” නම් බිම්මල් විශේෂය පෙනුමෙන් සිත් නොගන්නා මාරාන්තික බවින් අඩු වුවත් එහි “ALPHA AMAINITING” නම් විෂ අන්තර්ගත වී තිබෙනවා. ”DEEDLY DAPPERLING” නමින්ද හදුන්වන මෙය ආහාරයට ගැනීම පළමුව වමනය කිරීමේ ලක්ෂණ ඇති වී පසුව ඉන්ද්‍රියන්ගේ බිදවැටීම් වලට හේතුවනවා.

02. බෙරි විශේෂ.

කැලයෙදී අපට හමුවන ගුප්ත පෙනුමක් ඇති “DOLL’S EYE” සහ “white baneberry” නමින් හැදින්වෙන ශාකය ශරීරගත වීමෙන් උගුරේ දැවිල්ලක් මෙන්ම භ්‍රාන්තිමය තත්වයක් ඇතිවීමට පුළුවන්.

එසේම තක්කාලි ගෙඩියේ හැඩය ගන්නා ගෙඩි හටගන්නා අලංකාර මල් වලින් සමන්විත “THE HORSE NETTLE” නම් ශාකයද ඉතාමත් විෂ සහිතයි. මෙම ශාකයේ සෑම කොටසකම විෂ අන්තර්ගත වේ. මෙහි අඩංගු වන ක්ෂාරමය විසක් වන “solamine” උදරමය ආබාධ, සංසරණ පද්දතියේ ගැටළු සහ ශ්වසන ආබාධ ඇති කරනවා.

ගෙවතු අලංකරන ශාකයක් ලෙසද යොදා ගන්නා”Jerusalam cherry” නමින් හදුන්වන “SOLANUM PSEUDOCAPSICUM” නම් ශාකයද ඉතාමත් විෂසහිත වේ.

03. බූව සහිත ශාක.

ඊසාන දිග ඕස්ට්‍රේලියනු ප්‍රදේශයේදී හමුවන “DENDROCHIDE MOROILES” නම් ශාකය අපේ කහඹිලියා ශාකය වැනියි. අගල් 3-10 දක්වා උස වන මෙම ශාකය පුරාම බූව වලින් සමන්විතයි. යන්තමින් හෝ මෙහි ගෑවුනොතින් එහි ඇති බූව මගින් ඔබේ ශරීරයට සිලිකා ඇතුල් වීමට පුළුවන්. එය සුව වීමට දින ගණනක් හෝ අවරුදු ගණනක් වුවද ගත විය හැක.

04. දළඹුවන්.

අපට එදිනෙදා ජීවිතයේදී හමුවන දළඹු විශේෂ හැරුණු කොට බයානක දළඹුවන් සිටින බව ඔබ දන සිටියාද? ”ASP” නමින් හදුන්වන මෙම දළඹුවන්ගේ ශරීරය සම්පූර්ණයෙන්ම ඉදිකටු වැනි දිගු බූව විශේෂයකින් ආවරණය වී ඇත. දකුණු ඇමෙරිකවෙ දැනට වාසය කරනා විෂෙන් වැඩිම දළඹු විශේෂය මොවුන් වේ. මොවුන් අප සිරුරේ ගෑවුනොත් එම ස්ථානයේ ක්ෂනික දැවිල්ලක් හට ගන්නවා මෙන්ම ශ්වසන අපහසුතාද ඇති වීමට ඉඩ ඇත. මෙම තත්වයන් පහව යාමට අවමයෙන් පැය 12ක් පමණ ගත වේ.

05. වෘක මල්(wolf bane)

මිථ්‍යා පුරාවෘත්ත වලද සදහන් වන මෙම මල් විශේෂය අලංකාරවත් දම් පැහැයක් ගන්නවා. එම නිසා ගෙවතු උද්‍යාන වලද සමහර අවස්ථාවන් වලදී මෙය දක්නට ලැබෙනවා. ”ACONITUM” සහ “MONKSHOOD” යන නම් වලින්ද හදුන්වන මෙහි මුල පද්ධතිය වඩාත් විෂෙන් වැඩි බව පවසනවා. අතීතයේදී මිනිසුන් තමන්ගේ අවි විස ගැන්වීම උදෙසා මෙම ශාකයේ කොටස් බාවිතා කර තිබෙනවා.

2014 දී Nathan Greenway නැමැත්තා සේවාදායෙකුගේ ගෙවත්තක වැඩ කරමින් සිටියදී මෙම ශාකයක් පිළිසකර කිරීමට ගොස් මරණයට පත් වී ඇති බව පැවසේ.

06. කුරුළු විශේෂ

දැනට ලෝකයේ වාසය කරන විෂ සහිත එකම පක්ෂි විශේෂය වාසය කරන්නේ නිව් ගිනියාවේ ය. ”THE HOODED PITOHUI” යන නමින් හැදින්වෙන මොවුන්ගේ සිරුර පුරා විෂ අන්තර්ගත වෙන බව සැල වේ. ඔවුන්ගේ සතුරන්ගෙන් සහ පරපෝෂිතයන්ගෙන් ආරක්ෂා වීමට ඔවුන් තම විෂ බාවිත කරනවා. ”THE LITTLE SHRIKETRUSH” යනු නිව් ගිනියාවේදී හමුවන තවත් කුරුළු විශේෂයකි.

07. මත්ස්‍ය විශේෂ

ඔබ මාළුවන්ට කෙතරම් කැමති වුවත් ඔබ මෝරුන් වැනි භයානක සතුන්ගෙන් ඈත් වී සිටින්නට නේද උත්සහ කරන්නේ? නමුත් අහිංසක පෙනුමක් ඇති “PUFFERFISH” නම් මත්ස්‍ය විශේෂය දැනට වාසය කරන වඩාත් විෂ සහිත පෘෂ්ටවන්ශියා ලෙස වාර්තා වෙනවා. වැඩුනු මිනිසුන් 30කට පමණ තුවාල කිරීමට තරම් විෂක් එක මත්ස්යෙකුගේ අන්තර්ගත වෙනවා. අනතුරකදී තමන්ගේ සිරුරේ ප්‍රමාණය විශාල කර ගැනීමේ හැකියාවක් ඔවුන්ට පවතිනවා. මේ කුමක් වුවද චීනය වැනි රටවල මොවුන් ආහාරයටද ගන්නවා.

08. Slow Doris

බැලූ බැල්මට අහිංසක පෙනුමක් ඇති මෙම සතුන් ඉතාමත් විෂ සහිත සත්ව කොට්ටාශයක් වනවා. නමුත් මොවුන්ගේ එක සපාකෑමකින් ඔබේ සිරුරට විෂ ඇතුළු විය හැකියි. මොවුන් සතුව ඉතාමත් තියුණු දත් තිබෙන අතර ඔවුන්ගේ අත් වල ඇති ග්‍රන්තියක් ලෙව කෑමෙන් ඔවුන් විස සපයා ගනී. එම ග්‍රන්ථියෙන් නිපදවන ස්‍රාවය සමග ඛේටය මිශ්‍ර වීමෙන් එම භයානක විෂ නිපදවේ.

09. බූවල්ලා

ඔබ දන්නවා මොවුන් ඉතාමත් බුද්ධිමත් සත්ව කොට්ඨාසයක් බව. නමුත් සමහර බුවල්ලන් ඉතාමත් විෂ සහිතයි. මුහුදේදී හමුවන ඉතාමත් භයානකම බුවලු විශේෂය වන්නේ “BLUE-RINGED” විශේෂයයි. නාමයෙන් ගම්‍ය වන ආකාරයටම නිල් පැහැ වළලු ශරීරය පුරා දක්නට ලැබෙන අතර මොහු නිතරම සැගවී සිටීමට උත්සහ කරයි. යම් අවස්ථාවකදී ශරීරය කහ පැහැති වී තද නිල් පැහැයෙන් වලලු ඇති වේ නම් ඔහු කෝපයට පත් වී ඇත. එම නිසා එවැනි සත්වයෙකු මුහුදේදී දුටුවොතින් වහාම ඉවත්වී යා යුතුයි.

මොහුගේ විෂ “Neurotoxin,Tetrotoxin,Histamine,Tryptamine,Octopamine,Taurine,Acetylcholine” සහ “Dopamine” යන විෂ වලින් සමන්විත වේ. එක් බුවල්ලෙකු තුල වැඩුනු මිනිසුන් 26 දෙනෙකුට තුවාල කිරීමට තරම් විෂක් අන්තර්ගත වෙනවා.

10. යෝධ කූඹි කන්නා.

සාමාන්‍යයෙන් මොවුන් කුහුඹුවන් ආහාරයට ගත්තත් සමහර අවස්ථාවලදී මිනිසුන්ටත් හානි කිරීමට පෙළඹෙනවා. මොවුන්ගේ ඉදිරි පාද ශක්තිමත් වී ඇත්තේ සතුරන් සමග සටන් කිරීමටමයි. මධ්‍යම හා දකුණු ඇමරිකා ප්‍රදේශ වල මොවුන් ඉතා දරුණු සතුන් වශයෙන් සලකනවා. ජැගුවරයින් සමග හා දිවියන් සමග වුවද සටනට යන මොවුන් සටන් කිරීමට ඔවුන්ගේ නිය හා පාද යොදා ගන්නවා.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!