බැඳුම්කර වංචාවේ පාඩුව කෝටි ලක්ෂයයි.. අගමැති රනිල් වික‍්‍රමසිංහත්, ෆුට් නෝට් කල්ලියත් මේ වන විට සිටිය යුත්තේ හිරේ | Gossip Lanka Sinhala News
Loading...
Dec
7
බැඳුම්කර වංචාවේ පාඩුව කෝටි ලක්ෂයයි.. අගමැති රනිල් වික‍්‍රමසිංහත්, ෆුට් නෝට් කල්ලියත් මේ වන විට සිටිය යුත්තේ හිරේ

බැඳුම්කර වංචාවේ පාඩුව කෝටි ලක්ෂයයි.. අගමැති රනිල් වික‍්‍රමසිංහත්, ෆුට් නෝට් කල්ලියත් මේ වන විට සිටිය යුත්තේ හිරේ

251 Views

මහ බැංකුවේ බැදුම්කර මගඩියෙන් රජයේ මුදල් වලට සිදු කර ඇති දැවැන්ත හානිය හේතුවෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහත්, ෆුට් නෝට් කල්ලියත් මේ වන විට සිටිය යුත්තේ හිරේ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

මහ බැංකුවේ හොරකම නොනවතින හොරකමක් බවත් එමගින් දිගින් දිගටම පොලී අනුපාත වැඩිවීමෙන් රටේ ආර්ථිකයට බරපතල ලෙස බලපාන බවද ඔහු පැවසීය.

මෙම හීතල හොරකම නිසා රුපියල් කෝටි ලක්‍ෂයක් පමණ රාජ්‍ය මුදලක් අහිමි වන බවද පවසන ඔහු ඊට සෘජුව වගකිව යුතු අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉල්ලා අස්විය යුතු යයිද සදහන් කරයි.

අද වන විට හිරගෙදර සිටිය යුතු අගමැතිවරයා එලියේ නිදහසේ සිටින්නේ ඔහුගේ ආණ්ඩුවක් අද තිබෙන නිසා සහ පොලීසියද ඔහු යටතේ තිබෙන නිසා බවත් මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!