ගල්ගමුවෙන් තවත් විශාල ගජමුතු 03ක් හමුවේ – මේ ගජමුතු මොන ඇතාගෙද? | Gossip Lanka Sinhala News
Loading...
Dec
6
ගල්ගමුවෙන් තවත් විශාල ගජමුතු 03ක් හමුවේ – මේ ගජමුතු මොන ඇතාගෙද?

ගල්ගමුවෙන් තවත් විශාල ගජමුතු 03ක් හමුවේ – මේ ගජමුතු මොන ඇතාගෙද?

259 Views

ගල්ගමුව, පලුකැන්දෑව ප්‍රදේශයේදී ගජමුතු සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වලාන දූෂණ මර්දන කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදු කෙරුණු අතර එහිදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

එහිදී ඔවුන් සතුව තිබී ගජමුතු 03ක් පොලීසිය බාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් ගල්ගමුව ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්ගමුව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මේ අතර පසුගියදා ගල්ගමුවේ දළ පූට්ටුවා නම් ඇතා වෙඩි තබා ඝාතනය කර එම හස්තියාගේ ඇත් දළ යුගලය කපාගෙන ගිය සිද්ධියක් ද වාර්තා වුණා.

ඒ සම්බන්ධ විමර්ශණ තවමත් සිදු කෙරෙනවා.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!