තමාගේ 13 හැවිරිදි දියණිය බරපතල ලෙස දුෂණය කළ නරුම පියෙකුට ලැබුණ අමතක නොවෙන දඬුවම | Gossip Lanka Sinhala News
Loading...
Dec
7
තමාගේ 13 හැවිරිදි දියණිය බරපතල ලෙස දුෂණය කළ නරුම පියෙකුට ලැබුණ අමතක නොවෙන දඬුවම

තමාගේ 13 හැවිරිදි දියණිය බරපතල ලෙස දුෂණය කළ නරුම පියෙකුට ලැබුණ අමතක නොවෙන දඬුවම

565 Views

සිය 13 හැවිරිදි දියණියට බරපතල ලිංගික අතවර කළ පියෙකුට බරපතල වැඩ සහිතව වසර 18ක සිරදඬුවමක් කල්මුනේ මහාධිකරණයෙන් පසුගියදා (05) නියම කෙරුණා.

සිරදඬුවමට අමතව රුපියල් ලක්ෂ 03ක වන්දියක්ද දැරියට ගෙවන ලෙසයි විනිසුරුවරයා චූදිතයාට නියම කළේ.

මීට අමතරව රුපියල් විසිදහසක දඩ මුදලක් ගෙවන ලෙසත් විනිසුරුවරයා එහිදී නියෝග කළා.

තම දියණියට බරපතල ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් මෙලෙස දඬුවම් නියම කර ඇත්තේ ඔලුවිල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට බවයි වාර්තා වන්නේ.

2010 වසරේ පෙබරවාරි මාසයේදී අදාල පුද්ගලයා මෙලෙස සිය දියණිය අපයෝජයනට ලක්කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇය අක්කරෙයිපත්තු පොලිසියට කළ පමිණිල්ලකට අනුව සැකකරු අතදන්හුවට ගෙන තිබෙනවා.

පසුව සැකකරුට විරුද්ධව වන නඩුව අක්කරෙයිපත්තු මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර කර අතර අනතුරුව එම නඩුව නීතිපතිගේ නියෝගන මත කල්මුනේ මහාධිකරණයටභාර දී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අදාල සැකකරු තමන් විසින් තම දියණිය දූෂණය කළ බවට පිළිගෙන තිබෙනවා

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!