“මැරෙන්න ඕන කියමින් දුක කියලා අඬද්දි මම මැරුවා..” තරුණියන් 8 ක් මරා ගෙයි හැංගූ භයානක මිනීමරුවා කියන කතාව – වීඩියෝ | Gossip Lanka Sinhala News
Loading...
Nov
11
“මැරෙන්න ඕන කියමින් දුක කියලා අඬද්දි මම මැරුවා..” තරුණියන් 8 ක් මරා ගෙයි හැංගූ භයානක මිනීමරුවා කියන කතාව – වීඩියෝ

“මැරෙන්න ඕන කියමින් දුක කියලා අඬද්දි මම මැරුවා..” තරුණියන් 8 ක් මරා ගෙයි හැංගූ භයානක මිනීමරුවා කියන කතාව – වීඩියෝ

542 Views

පෙම්වතිය සොයා ආ පෙම්වතාවත් මරලා.. ජීවිතය කළකිරුනු අය හඳුනාගෙන ගෙදරට ගෙන්නලා..සියදිවිනසාගැනීමට සිතෙන අයට උපදෙස් දෙන කෙනෙක්…

පසුගිය ඔක්තෝබර් මාසයේ අභිරහස් ලෙස කාන්තාවන් 8 දෙනෙකු හා පිරිමියෙකු මරා දමා සිරුරු කොටස් රසායනික දියරයක් තුළ ගිල්වා නිවසේ කබඩ් ලාච්චුවල හා ශීතකරණවල සඟවා තැබූ බව කියන ජපන් ජාතිකයෙකු පොලිසියට හසුවූ වී තිබෙනවා.

27 හැවිරිදි තකහිරෝ ෂරයිසි නමැති මෙම ඝාතකයා ‘සීරියල් කිලර්‘ කෙනෙකු ලෙස හඳුන්වාදී ඇති අතර මේ සිදුවීම ජපන් මාධ්‍ය තුළ විශාල ආන්දෝලනයක් ඇති කරවන්නට සමත්ව තිබෙනවා.

මෙම ඝාතන පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය හෙළිකරගෙන ඇත්තේ මෙම ඝාතන 9 න් 8 ක්ම තරුණියන් බවයි.

ඒ සෑම තරුණියකම සමාජ මාධ්‍ය තුළ ජීවිතය ගැන කළකිරීම් සහිත සටහන් ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව මෙසේ මරා දමා තිබී ඇති බවද හඳුනාගන්නට හැකිවි තිබෙනවා.

ඝාතකයා සිදු කළ පාපොච්චාරණය අනුව ඔහු සියදිවිනසාගැනීමේ මානසිකත්වය ඇති අයට උපදේශකයෙකු ලෙස සේවා සපයා තිබෙනවා.

ට්විටර් සමාජ ජාලය මුල් කරගෙන ප්‍රේමය හෝ ජීවිත ප්‍රශ්න මුල් කරගෙන කළකිරුණ අය හඳුනාගත් බවත් පසුව ඔවුන්ට පණිවිඩ සපයා ඔවුන්ගේ දුක බෙදාගත් බවත් ඔහු හෙළි කර තිබුණා.

අනතුරුව ඔවුන්ගේ ජීවිත සකස් කරගන්නට වැඩිදුර උපදේශනය සැලයීමට තමන් වාසය කරන Zama ප්‍රදේශයේ මහල් නිවසට එන ලෙස ඔහු ආරාධනය කර ඇති අතර එසේ එන තරුණියන් තමන්ට මැරෙන්න ඕනෑ යයි කෑගසමින් දුක කියන විට තමා ඔවුන් මරා දැමූ බවද හෙළිකර තිබුණා.

සියලු මළ සිරුරු නිවසින් පිටතට රැගෙන නොයා ඒවා කෑලි වලට ඉරා දමා නිවසේ තැන් තැන් වල නරක් නොවන ලෙස තැන්පත් කළ බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මියගිය එක් තරුණියකගේ පෙම්වතෙකු වරක් මෙම නිවසට පැමිණ ඇත්තේ ඇය යන තැන ඔහුට කියා ගොස් තිබුණ බැවින්. ඒ අවස්ථාවේ එම පෙම්වතාවද ඔහු විසින් මරා දමා තිබෙනවා.

අවසාන වශයෙන් තවත් තරුණියක මරාදමා තිබුණ අවස්ථාවක ඇගේ දෙමාපියන් ඇය ගිය ස්ථානය දැනගෙන පොලිසියට දැනුම්දීමෙන් පසු මෙම පුද්ගලයා කොටුවූ බවයි වාර්තා වන්නේ.

මියගිය අය අතර 15 හා 17 හැවිරිදි පාසල් සිසුවියන් දෙදෙනෙකුත් 19 හැවිරිදි සරසවි සිසුවියකත් 20,21 හා 27 හැවිරිදි සාප්පු සේවිකාවන් තිදෙනෙකුත් 23 හා 25 හැවිරිදි රැකියා අපේක්ෂිත තරුණියන් දෙදෙනෙකුත් එක් තරුණියකගේ 20 හැවිරිදි පෙම්වතාත් සිටිනවා.



Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!