හිරගෙදර සිටින නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානී රණවිරු සුමිත්ට ‘ඇප නැති නිසා’ නැන්දම්මා ළිඳට පනී.. සාක්ෂිත් නැතුව මාස අටකටත් අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ – ඡායාරූප | Gossip Lanka Sinhala News
Loading...
Nov
14
හිරගෙදර සිටින නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානී රණවිරු සුමිත්ට ‘ඇප නැති නිසා’ නැන්දම්මා ළිඳට පනී.. සාක්ෂිත් නැතුව මාස අටකටත් අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ – ඡායාරූප

හිරගෙදර සිටින නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානී රණවිරු සුමිත්ට ‘ඇප නැති නිසා’ නැන්දම්මා ළිඳට පනී.. සාක්ෂිත් නැතුව මාස අටකටත් අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ – ඡායාරූප

283 Views

2008-2009 වසරවල පුද්ගලයන් 11 දෙනකු අතුරුදන් වීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික හමුදාවේ සුමිත් රණසිංහගේ බිරිඳගේ මෑණියන් නිවසේ ළිඳට පැන සියදිවි හානි කරගන තිබෙනවා.

නිවැසියන් පවසන්නේ පසුගිය 10 වැනිදා පැවති නඩු විභාගයෙන් ඇප ලැබේයැයි තිබූ අපේක්ෂාව බිඳ වැටීම හේතුවෙන් සිත්තැවුලට පත්ව සිටි ඇය මෙලෙස දිවි නසාගෙන ඇති බවයි.

මෙලෙස සියදිවි හාණිකරගෙන තිබුණේ හමන්ගල්ල ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි ආර් පී මේරි මාතාවයි.

වැඩිමහල් දියණියගේ අධ්‍යාපනය පියාගේ බන්ධනාගාරගතවීම තුළ පහත වැටීමෙන් සැමියා බලාපොරොත්තු වූ ජනප්‍රිය පාසැලකට දමාගැනීමේ සිහිනය බොඳ වීම නිසා සිය මව නිවසේ නිරන්තරයෙන් හඬා වැටෙමින් දිවිගෙවූ බවයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික හමුදාවේ සුමිත් රණසිංහගේ බිරිඳ සඳහන් කළේ.

වැල්ලවත්තේදී තරුණයන් පස්‌දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස්‌ දෙනකු පැහැරගෙන ගොස්‌ ඝාතනය කළේ යෑයි කියන චෝදනාවක්‌ මත නාවික හමුදා බුද්ධි අංශයේ කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා ඇතුළු සෙබලුන් හය දෙනෙක්‌ දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටිති.

නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඩී. කේ. පී. දසනායක ද එසේ බන්ධනාගාරගත කර සිටින අතර ඔවුන් එසේ රිමාන්ඩ් කර මේ වන විට මාස අටක්‌ ද ඉක්‌ම ගොස්‌ තිබෙන බවද වාර්තා වේ.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!