2017 නොවැම්බර් මස 15 වන බදාදා – අද දවස ඔබට කොහොමද? මෙන්න බලන්න ලග්න පලාඵල | Gossip Lanka Sinhala News
Loading...
Nov
15
2017 නොවැම්බර් මස 15 වන බදාදා – අද දවස ඔබට කොහොමද? මෙන්න බලන්න ලග්න පලාඵල

2017 නොවැම්බර් මස 15 වන බදාදා – අද දවස ඔබට කොහොමද? මෙන්න බලන්න ලග්න පලාඵල

365 Views


අද ඔබට කෙටි ගමන් බිමන් බහුල කරන දවසක්. උරුම හරුමකම් පිලිබඳ ගැටළු ඇති වෙන්න පුළුවන්. ස්ත්‍රී පාර්ශවයන්ගේ ආකර්ෂණය දින ගැනීමට හැකියාව තිබෙනවා. ඔබේ සුබ කටයුතු උදැසන 7.32 ට කරන්න. ඔබේ දවස සුබ වේවි.


මුල්‍ය ශක්තියට කරදර බාධා ඇති වෙන දවසක්. නිෂ්පල ගමන් වගේම වියපැහැදම් ඇති වෙන්න පුළුවන්. හුග ජීවිතයේ කරදර බාධක ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කල්පනාවෙන් කටයුතු කරන්න. ඔබේ සුබ කටයුතු උදැසන 7.21 ට අරඹන්න ඔබේ දවස සුබ වේවි.


හදිස්සි මුදල් වැසි ඇති වේ. පැරණි නය ගනුදෙනු ආදියෙන් වැසි ලැබේ. ආදර සම්බන්ධතා වලට ඉතා සුබයි. සෙම් රෝග පීඩා බහුල කරන්න පුළුවන්. ඔබේ සුබ වෙලාව උදෑසන 7.46.


අද දවසේ ඔබට විනෝද ගමන් විදේශ සංචාර සඳහා කටයුතු යෙදෙන්නට පුළුවන්. අන් අයගේ අගය කිරීම් ලබන්නත් ඔබට අද හැකියාව තිබෙනවා. ඒ නිසා හොඳ මානසික තෘප්තියකින් කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම ගුප්ත අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු වේ. දණහිස් ආශ්‍රිත අබාධ ඇති වේ. සුබ වෙලාව උදෑසන 8.57.


අද දවසේ ඔබේ දියුණුව සාර්ථකත්වය සඳහා අවශ්‍ය කරන වට පිටාව නිර්මාණය වන දවසක් වේවි. ඔබ ව්‍යාපාර කටයුතු වල යෙදෙන කෙනෙක් නම් අද ඔබට ඉතා සාර්ථක දවසක්. අධ්‍යාපන කටයුතු වලටද ඉතා සුබයි. 7.22.


විශේෂයෙන්ම විනොදචාරිකා දුරබැහැර ගමන් ආදියටත් ඉඩකඩ තිබෙනවා. මේ නිසා සෑම කටයුත්තකින්ම ඔබේ සිතේ සතුට වර්ධනය වන බවක් තමයි පෙන්නුම් කරන්නේ. සුබ වෙලාව ඔබේ සුබ වෙලාව 7.33.


අද දවසේ ඔබේ අධ්‍යාපන කටයුතු වලට බාධා ඇති වෙන්න පුළුවන්. වැඩි කතා බහ නිසා පාඩු සිදු වන්නට ඉඩ තිබෙන නිසා වෙන් කල්පනාකාරීව කටයුතු කරන්න. යොදාගත් සැලසුම් වෙනස් කිරීමටත් සිදු වන්න පුළුවන්. ඔබට හැකි නම් චන්ද්‍ර පිරිත ජය පිරිත වරක් හෝ සජ්ජායනා කරලා දවස පටන් ගන්න. සුබ වෙලාව උදෑසන 6.46.


ඔබට දුර බැහැර ගමන් විදේශ ගමන් වලට සුබයි. සැප සම්පත් වෙනුවෙන් තමයි ඔබේ වැය පාර්ශ්වය ඉහල යන්නේ. අස්ථාන චෝදනා ආදියට ලක්වෙන්න ඉඩ තිබෙනවා. නිධන් ගත රෝග පීඩා ආදියෙන් පෙලෙන්න ඉඩ තිබෙනවා. සුබ කටයුතු උදෑසන 9.17 ට අරඹන්න ඔබේ දවස් අසුබ වේවි.


ඔබට අද දවසේදී කුමන්ත්‍රනකාරී වටපිටාවකට මුහුමදීමට සිදු වේවි. ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලදී නීතිමය පැත්ත ගැන සැලකිලිමත් වෙන්න. උදැසන 10.23 ට ඔබේ සුබ කටයුතු අරඹන්න ඔබට දවස සුබ වේවි.


ඔබ අද දවසේදී කෙතරම් කරදර බාධා යෙදුනත් ඉන් මිදීමට සමත් වෙනවා. ඔබේ හදිසි තීරණ සහ හදිසි කෝපය නිසා අවාසි සිදු වෙන්න පුළුවන්. චර්ම රෝග පීඩා ආදියට ලක් වෙන්න පුළුවන්. ඔබේ සුබ කටයුතු උදැසන 7.32 ට අරඹන්න ඔබට සුබ දවසක් වේවි.


අද දවසේදී ඔබේ සමීපතයින් පවා දුරස්වන බවක් තමයි පෙන්නුම් කරන්නේ. යුග ජීවිතය ආශ්‍රිතව ගැටළු ඇති වෙන්න පුළුවන්. ඉවසීමෙන් කටයුතු කලයුතු දවසක්. පිය පාර්ශවයේ සෞඛ්‍ය පීඩා වෙනුවෙන් කාලය වැය වෙන්න පුළුවන්. වෙහෙසකර ගමන් බිමන් බහුල වෙන්න පුළුවන්. ඔබේ සුබ වෙලාව උදැසන 8.58.


ඔබේ වෘත්තීය කටයුතු වෙනුවෙන් ගනු ලබන තීරණ සාර්ථක වෙන දවසක්. සුහදශීලීව කටයුතු කිරීමෙන් නව හිතවතුන් ඇතිවේ. මුත්‍රා අශිර්ත රෝග පීඩා ඇති වෙන්න පුළුවන්. ඔබේ සුබ කටයුතු උදෑසන 9.11 ට අරඹන්න ඔබේ දවස සුබ වේවි.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!