කුලියාපිටිය නව යුවලගේ මධු සමය රෑ එළිවෙනකම් හෝටල් සේවකයෙකු විසින් වීඩියෝ කළා ද ? – Update | Gossip Lanka Sinhala News
Loading...
Nov
6
කුලියාපිටිය නව යුවලගේ මධු සමය රෑ එළිවෙනකම් හෝටල් සේවකයෙකු විසින් වීඩියෝ කළා ද ? – Update

කුලියාපිටිය නව යුවලගේ මධු සමය රෑ එළිවෙනකම් හෝටල් සේවකයෙකු විසින් වීඩියෝ කළා ද ? – Update

1465 Views

මධුසමය ගතකිරීමට ඇණවුම් කරතිබූ කුලියාපිටියේ හෝටලයෙන් ලබාදුන් සුඛෝපබෝගී කාමරයේ යහනට මුහුණලා දොරෙහි සිදුරු දෙකක් දක්නට ලැබුන බවත් ඉන් රාත්‍රියෙහි හෝටල් සේවකයෙකු වීඩියෝ දසුන් ලබාගත්තාදැයි සැකයක් පවතින බවත් අලූත විවාපත් යුවලක් පැමිණිළි කළ බව කුලියාපිටිය පොලිසිය පවසනවා.

පසුව වහා එහි ගොස් පරීක්‍ෂණ පැවැත්වූ පොලිසියටද එම කාමරයේ දොරෙහි ඇස තබා බැලීමේදී පූර්ණ වශයෙන් යහන දිසිවන පරිදි සකසා තිබූ සිදුරු දෙකක් දක්නට ලැබී ඇති අතර ඒවා කෙසේ සිදුවීද යන්න වැඩිදුර නිරීක්‍ෂණයට පොලිස් අපරාධ ස්ථානයීය පරීක්‍ෂක කණ්ඩායම්ද කැඳවා තිබු බව අප වාර්තාකරු කියා සිටියා.

එම නිළධාරීන් දිගින් දිගට සිදුකළ පරීක්‍ෂණවලදී නව යුවල නැවතී මධුසමය ගතකළ බැවි කියන අදාළ කාමරයට යාබද කාමරයේද එවැනිම ආකාරයේ සිදුරු දක්නට ලැබී ඇති අතර ඒ ගැන ද තවදුරටත් පරීක්‍ෂණ පවත්වන බව පොලිසිය සඳහන් කර තිබෙනවා.

මනාලයාගේ ඥාතීන් පැවසූයේ දැඩි විශ්වාෂයෙන් යුක්තව මෙම හෝටලයේ කාමරයක් වෙන්කරවාගත් බවත් යම් හෙයකින් නව යුවලගේ වීඩියෝ දසුන් පටිගතකිරීමක් සිදුකර ඇත්නම් දෙපලගේම අභිනවයෙන් ඇරඹි යුගදිවිය අවසන්වීමට පමණක් නොව ජීවිත පවා විනාශවීමට ඉඩඇති බවයි.

බාල වයස්කාර දරුවන්ට වැරදි ආදර්ශ සපයමින් තරුණ තරුණියන් මෙවැනි ස්ථාන මගහැර මහ මග බස්රථ වැනි ස්ථාන තම අවේග පාලනයට යොදාගැනීමට හුරුව ඇත්තේ ඒ සඳහා පවතින මෙවන් ආයතනවල පවතින මෙවැනි බියකරු ගැටලූ නිසා වියහැකි බවත් මේ පිළිබඳ බලධාරීන් වහාම පියවර ගතයුතු බවත් ඔහු සඳහන් කළා.

හෝටල් සේවකයින් පැවසුවේ කාමරය වෙන්කරවා ගැනීමට නව යුවල අත්තිකාරම් මුදල් ගෙවා තිබුණද ඉතිරිය ගෙවාදැමීම වළක්වාගන්නට එවැනි චෝදනාවක් සිදුකළ බවට සැක උපදින බවයි. එමෙන්ම තම හොටලය ප්‍රදේශයේ කීර්තිමත් හෝටලයක් බැවින් මීට ඉහතදී කිසිදිනක එවන් සිදුවීමක් සිදු නොවුණ බවත් නීතියෙන් තමපාර්ශවයට මෙන්ම නව යුවලටත් සාධාරණය ඉටුවෙනු ඇතැයි තමන් දැඩිව අපේක්‍ෂාකරන බවයි.

කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අජිත් ප්‍රියන්තගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්‍ෂක රණතුංග, උප පොලිස් පරීක්‍ෂකවරුන් වූ චිත්‍රසෝම, සිරිසෝම යන් නිළධාරීන් ඇතුලූ නිළධාරීන් පිරිසක් පරීක්‍ෂණ සිදුකළ අතර වැඩිදුර විමර්ශන සිදුකිරීමටද නියමිතව තිබෙනවා.

පෙර පුවත මෙතනින් බලන්න.
මධුසමය ගතකරපු කුලියාපිටිය හෝටලයේ දොරවල්වල සිදුරු රැසක්.. උදෑසන අවදිවූ මනාල යුවළට දෙලොව රත්වෙයි.. මධුසමය වීඩියෝ කර ඇති බවට සැක බව කියයි – වීඩියෝ

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!