“තව දින තුනක් කල් දෙන්නම්” මොහොමඩ් ෆාසී පරදා, මතුගම ගව මස් ටෙන්ඩරය දිනා ගත් ඥානරතන හිමිට කඩය වහන්න අවසර දෙනවාද ? ලේකම්ගෙන් අලුත් තීරණයක් .! | Gossip Lanka Sinhala News
Loading...
Nov
14
“තව දින තුනක් කල් දෙන්නම්” මොහොමඩ් ෆාසී පරදා, මතුගම ගව මස් ටෙන්ඩරය දිනා ගත් ඥානරතන හිමිට කඩය වහන්න අවසර දෙනවාද ? ලේකම්ගෙන් අලුත් තීරණයක් .!

“තව දින තුනක් කල් දෙන්නම්” මොහොමඩ් ෆාසී පරදා, මතුගම ගව මස් ටෙන්ඩරය දිනා ගත් ඥානරතන හිමිට කඩය වහන්න අවසර දෙනවාද ? ලේකම්ගෙන් අලුත් තීරණයක් .!

352 Views

මතුගම නගරයේ ගව මස් කඩය බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් දිනා ගත් පුවත නෙත් ගොසිප් අප මින් පෙර වාර්තා කළා. ඉන් පසුව එම සිදුවීම සමාජයේ අතිශය කතාබහට ලක් වීමද සිදු වුනා. 2018 වර්ෂය සදහා එලෙස මතුගම ගව මස් ටෙන්ඩරය දිනා ගත්තේ මතුගම මහකලූපහණේ සේලත්තලාරාම විහාරාධිකාරී මාවිට ඥානරතන හිමියන් විසින්.

කෙසේ වෙතත් රුපියල් තිස් දෙලක්ෂ විසිපන්දාස් හයසිය විසි දෙකක මුදලකට මාවිට ඥණරතන හිමියන් මතුගම ගව මස් කඩය සදහා ටෙන්ඩරය ලබා ගත්‍තත් නියමිත දිනට උන්වහන්සේට ටෙන්ඩරය සදහා මුදල් ගෙවීමට නොහැකි වී තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව මෙම ටෙන්ඩරය සදහා රුපියල් ලක්ෂ 32ක මුදල ගෙවීමට මාවිට ඥණරතන හිමියන්ට ඊයේ (13 වැනිදා) සවස 3.00 ට පෙර කල් දී තිබූ අතර ඒ සඳහා තවත් දින තුනක්‌ කල් ලබාගැනීමට උන්වහන්සේ මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක්‌ කර තිබෙන බව සදහන්.

එම ඉල්ලීම සලකා බැලු මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අශෝක රණසිංහ එම මුදල් තැන්පත් කිරීමට තවත් දින තුනක්‌ මාවිට ඥණරතන හිමියන්ට කල් ලබාදීමට කටයුතු කර තිබේ. නොවැළැක්‌විය හැකි හේතුවක්‌ මත මුදල් තැන්පත් කිරීමට මෙසේ දින තුනක කාලයක්‌ කල් ලබාගැනීමට සිදු වූ බව මාවිට ඥනරතන හිමියෝ මාධ්‍යයට කියා සිටියා.

කෙසේ වෙතත් ටෙන්ඩරය දිනා ගන්නා පුද්ගලයා මෙම මස්‌ වෙළෙඳසැල ටෙන්ඩරයක්‌ මගින් ලබාගැනීමෙන් පසු එය විවෘත නොකර තබාගැනීම නීත්‍යානුකූල නොවන බව මතුගම ප්‍රාදේශීය සභාව පවසනවා. මාවිට ඥණරතන හිමියන් මින් පෙර පැවසුවේ කෙලෙස හෝ මුදල් සොයා ගෙන , ගව මස් කඩය වසා දමන බවටයි. මේ වනවිට මාවිට ඥාණරතන හිමියන් මස්‌ කඩය වසා දැමීමට අවසර ලබාදෙන ලෙස කළ ඉල්ලීම පළාත් පාලන කොමසාරිස්‌වරයා වෙත යොමුකර තිබෙන බවද සදහන්.

එම තීන්දුව ලද පසු මේ පිළිබඳ ස්‌ථිර නිගමනයකට එළැඹෙන බව ප්‍රාදේශීය සභාවේ ලේකම් අශෝක රණසිංහ මේ පිළිබදව අදහස් දක්වමින් මාධ්‍යයට කියා සිටියා.

පෙර පුවත්.
මොහොමඩ් ෆාසී පරදා ගවමස් කඩයේ අයිතිය ඥානරතන හිමිට.. හාමුදුරුවෝ ගවමස් කඩය වැහුවොත් ටෙන්ඩරය අවලංගු කරනවා කියා ප්‍රාදේශීය සභාව කියයි

“මොන අමාරුවක් විඳලා හරි අහිංසක සත්තු මරන එක නවත්තනවා” – මොහොමඩ් ෆාසී පරදා මතුගම ගව මස් ටෙන්ඩරය දිනු මහා මෙහෙයුම මාවිට ඥානරතන හිමි විස්තර කළ හැටි

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!