“මේ සිද්ධිය පටන් ගත්තේ පෙරේදා. සිංහල ගෙවල් කිහිපයකට ගැහුවා.. මේක හැමපාරම ඡන්දේ කිට්ටු වෙද්දි එජාප මන්ත්‍රී “හුසේන් නියාස්” කරන දෙයක්” – ගිංතොට වෙච්ච ඇත්තම සිද්ධිය හෙළිවෙයි | Gossip Lanka Sinhala News
Loading...
Nov
18
“මේ සිද්ධිය පටන් ගත්තේ පෙරේදා. සිංහල ගෙවල් කිහිපයකට ගැහුවා.. මේක හැමපාරම ඡන්දේ කිට්ටු වෙද්දි එජාප මන්ත්‍රී “හුසේන් නියාස්” කරන දෙයක්” – ගිංතොට වෙච්ච ඇත්තම සිද්ධිය හෙළිවෙයි

“මේ සිද්ධිය පටන් ගත්තේ පෙරේදා. සිංහල ගෙවල් කිහිපයකට ගැහුවා.. මේක හැමපාරම ඡන්දේ කිට්ටු වෙද්දි එජාප මන්ත්‍රී “හුසේන් නියාස්” කරන දෙයක්” – ගිංතොට වෙච්ච ඇත්තම සිද්ධිය හෙළිවෙයි

1462 Views

ගිංතොට සිද්ධිය ගැන රටේ ලොකු කතාබහක් ඇතිකර තිබෙනවා. ඊයේ ඇතිවුණු මේ සිද්ධිය නිසා පොලිස් ඇදිරි නීතියත් යොදවන්න පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබුණා.

මේ සිද්ධිය ගැන සමහරු විවිධ කතා කියන්න පටන් ගත්තා.

කොහොම වුණත් මේ සිද්ධියට මුහුණදුන්නු ප්‍රදේශවාසියෙක්ව සම්බන්ධකරගන්න වෙබ් ගොසිප් අපිට පුළුවන් වුණා. ඔහු අපිට කිව්ව මෙන්න මේ වගේ කතාවක්.

”ඇත්තම කියන්නම් මහත්තයා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ඉන්නවා. ඡන්දයක් කිට්ටුවෙනකොට ඔහු කරන වැඩක් තමයි මොකක්හරි කෝලහාලයක් ඇති කරන එක. හැමපාරම සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් ඇති කරනවා. අන්තිමට ගහගන්නවා.

පස්සේ මේ මන්ත්‍රීවරයා මැදිහත් වෙලා මේක සමතයකට පත්කරනවා. පොලිස් පොතේ ලියන්නේ නැතිව වැඩේ ෂේප් කරලා මෙයා කියනවා ඔන්න මම උඹලව පරස්සම් කළා. මම තමයි ගැලවුම්කාරයා කියලා.

වැඩ කරලා ඡන්දේ ගන්න බැරිකම නිසා මේ වගේ දේවල්වලින් තමයි ඡන්දේ දිනන්න හදන්නේ. හැබැයි මේ පාර ඒක කරන්න් බැරි වුණා. මිනිස්සු වගේම හාමුදුරුවරු කිව්වා මේ දේවල් පොලිස් පොතේ ලියන්න ඕනේ කියලා.

මේ සිද්ධිය පටන් ගත්තේ පෙරේදා. සිංහල ගෙවල් කිහිපයකට ගැහුවා. පස්සේ මේක පොලිස් පොත්වල ලියලා STF එකත් ඇවිත් සමතයකට පත්කළා.
ඊයේ සිකුරාදනේ. පල්ලි ගිහින් එද්දි ආයෙත් මේක ඇවිලුනා. මොකද පොලිසිය ඉද්දි ඊයේ STF එක ගිහින් තිබුුණේ.

සිංහල මුස්ලිම් දෙගොල්ලොම ගහගන්න පටන් ගත්තා. ගෙවල් කුඩු කළා. ගල් ගැහුවා..

ඇත්තටම සිද්ධ වුණේ ඔන්න ඕකයි. මිනිස්සුන්ව අවුලවලා වාසි බලාගන ඉන්න එක මිනිහෙක් නිසා අද රටේ ජාතිවාදයක් ඇවිස්සෙන තැනට ඇවිත්.”

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් බොහෝ දෙනවා පවසා සිටින්නේ මෙය බෝපේ පෝද්දල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී හුසේන් නියාස්ගේ කුමන්ත්‍රණයක් බවයි. මෙය සිදුවූ පලමු අවස්ථාව මෙය නොවන බවත් පැවසේ.

ada derana web gossip

සත්‍ය සිදුවීම ගැන සමාජ ජාලාවල සංසරණය වෙන වීඩියෝව පහතින්.

සිද්ධියේ ඡායාරෑප කිහිපයක් පහතින්.

සම්බන්ධිත පුවත්.
සිංහල මුස්ලිම් ගැටුමක් දුරදිග යාමෙන් ගාල්ල උණුසුම්වේ.. ප්‍රදේශ කීපයකට පොලිස් ඇඳිරි නීතිය.. ආරක්ෂාවට පොලිසියේ 200ක් හා STF 100ක්

ගිංතොට ගැටුම ගැන සොයා බලන්න ෆයිසර් මුස්තාපා, බදියුදීන් ගාල්ලට – ඇමති චන්දිමගේ වාහනයටත් ප්‍රහාරයක්

ගිංතොට දැන් සංසුන් – ඇමති සාගලගෙන් රතු නිවේදනයක් – වීඩියෝ

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!