ගිංතොට මුස්ලිම් ගෙවල් 50කට වඩා විනාශ කරලා.. මෙහෙම වෙන්න දෙන්න බෑ.. තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනු – මුජබර් රහුමන් | Gossip Lanka Sinhala News
Loading...
Nov
19
ගිංතොට මුස්ලිම් ගෙවල් 50කට වඩා විනාශ කරලා.. මෙහෙම වෙන්න දෙන්න බෑ.. තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනු – මුජබර් රහුමන්

ගිංතොට මුස්ලිම් ගෙවල් 50කට වඩා විනාශ කරලා.. මෙහෙම වෙන්න දෙන්න බෑ.. තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනු – මුජබර් රහුමන්

448 Views

ගාල්ල ගිංතොට සිදුවූ කලහකාරි තත්වයේදී මුස්ලිම් ජාතිකයන්ගේ නිවාස 50කට වැඩි ප‍්‍රමාණයක් විනාශ කර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමන් පවසයි.

එසේම සිද්ධියට සම්බන්ධ අයට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, නැවත මේ රට ජාතිවාදයෙන් ගිනි තැබීමට ඉඩ නොතබන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා ඉල්ලා සිටියේය.

මන්ත්‍රීවරයා ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, අයවැය 2018 වැයශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමිනි.

මේ රටේ ජාතික සමඟියට ස්ථීරසාර වැඩපිළිවෙළක් යන බවද හෙතෙම සදහන් කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

ගාල්ලේ මුස්ලිම් ගෙවල් 50කට වැඩි ප්‍රමාණයක් විනාශ කරලා. මෙවැනි තත්ත්වයක් නැවත ඇතිවෙන්න දෙන්න එපා. තරාතිරම බලන්න එපා. නීතිය ක්‍රියාත්මක කරන්න. ආපසු මේ රට ජාතිවාදයෙන් ගිනි තියන්න ඉඩ තියන්න එපා. වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. අලුත් රටක් පටන් ගෙන තියෙනවා. ඒකට කකුළ් මාට්ටු දාන්න බලවේග වැඩකරනවා “ යැයි ද පැවසී ය.

වීඩියෝව පහතින් බලන්න.

ගිංතොට සිදුවීම සම්බන්ධයෙන් අප විසින් පල කරන ලද පුවත් සියල්ල පහතින් බලන්න.
සිංහල මුස්ලිම් ගැටුමක් දුරදිග යාමෙන් ගාල්ල උණුසුම්වේ.. ප්‍රදේශ කීපයකට පොලිස් ඇඳිරි නීතිය.. ආරක්ෂාවට පොලිසියේ 200ක් හා STF 100ක්

ගිංතොට ගැටුම ගැන සොයා බලන්න ෆයිසර් මුස්තාපා, බදියුදීන් ගාල්ලට – ඇමති චන්දිමගේ වාහනයටත් ප්‍රහාරයක්

ගිංතොට දැන් සංසුන් – ඇමති සාගලගෙන් රතු නිවේදනයක් – වීඩියෝ

“මේ සිද්ධිය පටන් ගත්තේ පෙරේදා. සිංහල ගෙවල් කිහිපයකට ගැහුවා.. මේක හැමපාරම ඡන්දේ කිට්ටු වෙද්දි එජාප මන්ත්‍රී “හුසේන් නියාස්” කරන දෙයක්” – ගිංතොට වෙච්ච ඇත්තම සිද්ධිය හෙළිවෙයි

ඊයේ ඇවිලී ගිය ගැටුමට මැදිවූ සිංහලයන් බලන්න ඥානසාර හිමි ගාල්ල ගිංතොට ප්‍රදේශයට වැඩම කරති – ඡායාරූප

ගාල්ල ගිංතොට ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිංහල තරුණයන් සහ දේපොළ මෙන්න.. සිංහලයන්ට කොකා පෙන්වූ ඇමති වජිරට ගිංතොට ජනතාවගේ විරෝධය.. හූ කියා පන්නා දමයි – වීඩියෝ

ගිංතොට ඇතුළු ගාල්ලේ ගම් 05කට අද පස්වරු 6 සිට යළිත් පැය 12ක් පොලිස් ඇඳිරි නීතිය.. අත්අඩංගුවට ගත් 19 දෙනා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

“සිංහල මිනිසුන්ගෙ ගෙවල් 40යි-වාහන 15යි, මුස්ලිම් මිනිස්සුන්ගෙ ගෙවල් 30යි-වාහන 5යි හැබැයි අත්අඩංගුවට ගන්නකොට සිංහලයන් 15යි මුස්ලිම් 04යි.. මෙන්න ඇත්ත තත්වේ” – ගිංතොට ප්‍රදේශයට ගිය මදු මාධව අරවින්ද කියන කතාව මෙන්න

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!