පාටියකට යමු කියා මිතුරෙකු විසින් කැඳවාගෙන ගිය බාල වයස්කාර තරුණියක්ව දින දහයක් පුරාවට හෝටල් කාමරයක තබාගෙන සමූහ දූෂණය කරලා | Gossip Lanka Sinhala News
Loading...
Nov
18
පාටියකට යමු කියා මිතුරෙකු විසින් කැඳවාගෙන ගිය බාල වයස්කාර තරුණියක්ව දින දහයක් පුරාවට හෝටල් කාමරයක තබාගෙන සමූහ දූෂණය කරලා

පාටියකට යමු කියා මිතුරෙකු විසින් කැඳවාගෙන ගිය බාල වයස්කාර තරුණියක්ව දින දහයක් පුරාවට හෝටල් කාමරයක තබාගෙන සමූහ දූෂණය කරලා

954 Views

වයස අවුරුදු 17ක තරුණියක සමූහ දූෂණයට ලක්කළ පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ, බැංගලෝරය ප්‍රදේශයෙන්.

දින 10ක කාලයක් හෝටල් කාමරයක රඳවා තබා ගනිමින් මෙම තරුණියව දූෂණය කර තිබූ බවයි පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, තරුණිය රඳවා තබාගත් හෝටලයේ හිමිකරුද ඒ අතර සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තුල සඳහන්.

සිද්ධියට සම්බන්ධ එක් පුද්ගලයෙකු තරුණියගේ මිතුරෙකු වන අතර සාදයකට කැඳවාගෙන යන බව පවසමින් මෙම තරුණියව හෝටලය වෙත රැගෙන ගොස් තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් මස 26 වැනිදා නිවසින් අතුරුදන්වූ දැරිය පිළිබඳව ඇගේ දෙමවුපියන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඔක්තෝබර් 30 වැනිදායි.

මෙම තරුණිය බාල වයස්කාරියක් නිසා ළමා ආරක්ෂණ පනත යටතේ ස්ත්‍රී දූෂණය හා පැහැරගෙන යාම යන චෝදනා යටතේ මෙම අපරාධකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇති බවයි එරට පොලිසිය පවසන්නේ.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!