Published On: Thu, Oct 12th, 2017

2017 ඔක්තෝබර් 09 වන දින සිදුවූ සිකුරු මාරුව ඔබට බලපාන්නේ කොහොම ද? ලග්න රැසකට සුබ ඵල

Loading...

ග්‍රහ ලොව සියුමැලි තරුණිය වන සිකුරු / ශුක්‍ර ග්‍රහයා, රවි හිමි සිංහ රාශියෙන් මිදී බුධ හිමි කන්‍යා රාශි ගත වෙයි. 2017/10/09 – 2017/11/03 දක්වා මෙය බල පැවැත්වේ. ලංකා කුම්භ ලග්න කේන්දරයේ 8 වැන්නට සිකුරු පැමිණීම තරමක් අයහපත් කාලයක් වීමට ඉඩ ඇත. විශේෂයෙන් කාලගුණය තරමක් නොසන්සුන් වීමට ඉඩ ඇත.

ලග්න 12ට කෙසේද බලමු. මෙය පොදු පලාපලයක් පමණි – කේන්දරය අනුව වෙනස් විය හැක.

මේෂ

මේෂ ලග්නයේ සිකුරු 6 වැන්නට පැමිණේ. මූල්‍ය කළමනාකරණය පාඩු පෙන්වයි, තම ආදායම් මාර්ග වලද අවහිරතා ඇතිවිය හැක. රැකියා ස්ථානවල ස්ථාන වල ප්‍රධානීන් සමඟ ගැටුම් ඇති වීමට ඉඩ ඇත. කල්පනාකාරීව කටයුතු කරන්න. තම පවුලේ සමගියට බාහිර අයගෙන් බාධා පැමිණේ. විවාහ යෝජනාවන් කල් යාමට ඉඩ ඇත.

වෘෂභ

වෘෂභ ලග්නයේ ලග්නාධිපති – සිකුරු 5 වැන්නේ ගෝචර වෙයි. නව ආදායම් මාර්ග උදාවිමට ඉඩ ඇත. පෙර පැවති කරදර වලින් නිදහස් වීමට ඉඩ ලැබෙන කාලයක් වීමට ඉඩ ඇත. රැකියා විරහිත තරුණ තරුණියන් ගේ සුදුසුකම් වලට සරිලන රැකියා ලැබිමට ඉඩ ඇත. ගේ දොර සමගිය වර්ධනය වේ. මංගල යෝග උදා වේ.

මිථුන

මිථුන ලග්නයේ සිකුරු 4 වැන්නට පැමිණේ. වෙනදාට වඩා මුදල් වැය වීමට කරුණු යෙදෙනු ඇත. තම ව්‍යාපාර සැලසුම් කිරීමට ඉඩකඩ ලැබෙන කාලයකි. රැකියාවේ පැවති කරදරකාරී ස්භාවය අඩු වීමට කරුනු යෙදෙනු ඇත. පවුලේ සමගියට තරමක් බාධා පැමිණේ. දේපල පිළිබඳ ආරවුල් ඇතිවිමට ඉඩ ඇත.

කටක

කටක ලග්නයේ සිකුරු 3 වැන්නට පැමිණේ. වෙනදාට වඩා ඉදිරිය ගැන සිතා වැඩ කටයුතු කරන කාලයක් වීමට ඉඩ ඇත. තවද තම දේපල කෙරෙහි සිත යොමු වීමට ඉඩ ඇත. තම රැකියා ස්ථානයේ වෙනදාට වඩා උද්යෝගයෙන් වැඩ කටයුතු කර ගෙන යාමට ඉඩකඩ ලැබිය හැකිය. තම පවුලේ සමඟිය වර්ධනය වේ. විනෝද ගමන් සහ සම්භාෂණවලට සහභාගි වීමට ඉඩ ලැබේ.

සිංහ

සිංහ ලග්නයේ සිකුරු 2 වැන්නට පැමිණේ. වෙනදාට වඩා බුද්ධියෙන් කටයුතු කල යුතුය, නැතහොත් ගැටලු නිර්මාණය වීමට ඉඩ ඇත. රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා ලැබීමට ඉඩ ඇත. තම වැඩ කටයුතු වෙනදාට වඩා ප්‍රමාද වීම තුළින් ගැටලු ඇතිවීමට ඉඩ ඇත. ප්‍රීති උත්සව, ප්‍රිය සම්භාෂණ වලට සහභාගි වීමට ඉඩ ලැබෙන කාලයක් විමට ඉඩ ඇත.

කන්‍යා

කන්‍යා ලග්නය සිකුරු ලග්නයට/ 1 වැන්නට පැමිණෙයි. තමන්ගේ කාලය වෙනදාට වඩා නිෂ්ඵල දේ සඳහා වැය කිරීමට සිදු විය හැකි නිසා පිළිබඳව සැලකිලිමත් විය යුතුය. රැකියා ස්ථානයේ වෙනදාට වඩා කලබලකාරී ගති වැඩි වේ. එම නිසා ගැට‍ළු ඇතිවීමට ඉඩ ඇත. අධ්‍යාපන කටයුතු සඳහා කාලය වැය කිරීමට සිදු වෙයි. විදෙස් ගමන් යාමට සිතා සිටින අයට සුබ කාලයක් විය හැක.

තුලා

තුලා ලග්නයේ සිකුරු 12 වැන්නට පැමිණේ. තම ව්‍යාපාර ආදායම් මාර්ග වල නීතිමය ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇත. ඒ පිළිබඳ ව සැලකිලිමත්ව කටයුතු කරන්න. රැකියා ස්ථානයේ දුර බැහැර ගමන් බිමන් යෙදීම ඉඩ ඇත. ස්ථාන මාරු හෝ රැකියා වෙනස් වීමක් විය හැකි කාලයක් වෙයි. අඹුසැමියන් අතර හොඳ හිත පළුදු වීමට ඉඩ ඇත. අසල්වාසීන් සමග වැඩ කටයුතු කිරීමට සිදු වන කාලයක් විය හැක.

වෘශ්චික

වෘශ්චික ලග්නයේ සිකුරු 11 වැන්නට පැමිණේ. ආදායම් තත්ත්වය අඩුවීමට ඉඩ ඇත. ආදායමට වඩා වියදම වැඩිවි යන තත්වයක් නිර්මාණය වේ. රැකියා ස්ථානයේ බාහිර කරදර ඇතිවිමට ඉඩ ඇත. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. පිනට දහමට නැඹුරුව කටයුතු කිරීමට ඉඩ ලැබෙන කාලයක් විය හැක.

ධනු

ධනු ලග්නයේ සිකුරු 10 වැන්නට පැමිණේ. නව ආදායම් මාර්ග උදාවෙයි. ණය ලැබේ. ව්‍යාපාර ක්ෂේත්‍රයේ නව පියවරක් ගැනීමට සුබ කාලයක් විය හැක. සුදුසුකම් වලට සරිලන රැකියා අවස්ථා උදාවේ. රැකියා ස්ථානය වෙනදාට වඩා නිදහස වැඩි වීමට ඉඩ ඇත. පවුලේ සමගිය වර්ධනය වේ. දෙමාපියන්ගේ අවවාද උපදෙස් අනුව ක්‍රියා කිරීමට සිදු වන කාලයක් විය හැක.

මකර

මකර ලග්නයේ සිකුරු 9 වැන්නට පැමිණේ. ආර්ථික ගැටලු විසඳාගැනීමට තම සමීපතමයන්ගෙන් උදව් උපකාර ලැබෙන කාලයකි. ඉඩකඩම් සම්බන්ධ ගැටලු විසඳා ගැනීමට හැකියාව ලැබීමට ඉඩ ඇත. රැකියා ස්ථානයේ උසස් වීමක් හෝ වෙනස් වීමක් පෙන්නුම් කරන කාලයකි. නව රැකියා ලැබීමට ඉඩ ඇත. පවුලේ සමගිය වර්ධනය වේ. තම විවාහය පිළිබඳ තීරණ ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක.

කුම්භ

කුම්භ ලග්නයේ සිකුරු 8 වැන්නට පැමිණේ. මූල්‍ය කළමනාකරණය පාඩු සිදුවිය හැකි කාලයකි. රැවටීම් මුලාවීම් වලට ලක් වීමට ඉඩ ඇත, සැලකිලිමත් වන්න. රැකියා ස්ථානයේ සතුරු කරදර එල්ල විය හැකි කාලයකි. කල්පනාකාරී විය යුතුය. නව රැකියා ප්‍රමාදවේ. තම පවුලේ සහෝදර සහෝදරියන් අතර ගැටලු – ප්‍රශ්න නිර්මාණය වීමට ඉඩ ඇත කල්පනාකාරී වන්න. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා පැමිණේ.

මින

මීන ලග්නයේ සිකුරු 7 වැන්නට පැමිණේ. තම ආදායම් මාර්ග හෝ ව්‍යාපාර වලට බාහිර පාර්ශවයන්ගෙන් සහාය ලබා ගැනීමට සිදු වේ. මූල්‍යමය ගැට‍ළු නිර්මාණය වීමට ඉඩ ඇත. රැකියා ස්ථානයේ සමගින් සහයෝගයෙන් වැඩ කටයුතු කරගෙන යාමට හැකියාව ලැබේ. රැකියා සොයන අයට සුදුසුකම් වලට සරිලන රැකියා ලැබිමට ඉඩ ඇත. අඹු සැමියන් අතර හොඳ හිත වර්ධනය වේ. ප්‍රමාද වී තිබූ මංගල යෝග ඉක්මන් වේ. දෙමව්පියන්ගේ ආශීර්වාද ලැබේ.

077 2238041
irusewaya@gmail.com

Loading...
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

error: Content is protected !!