Published On: Mon, Oct 9th, 2017

ලියුම් බෙදන්න ගිය පියුම් මහත්තයා විශ්‍රාම යද්දී රට වටේ ළමයි 1300 ක් හදලා

Loading...

87 හැවිරිදි විශ්‍රාම ගිය පියුම් මහත්තයෙක් රට වටේම ළමයි 1300 කට අධික ප්‍රමාණයක පියා කීවොත් මෙය නම් ඔබ කිසිවිටෙකත් විශ්වාස නොකරනු ඇති.

එහෙත් එය සත්‍යයක්.

විදෙස් රටක සිටින සිඩ් රෝයි නම් පෞද්ගලික රහස් ඔත්තුකරුවා මෙම වාර්තාව හෙළිකර තිබෙනවා. ඔහුව හමුවීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන්ගේ ජීව විද්‍යාත්මක පියා සොයා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔවුන් දෙදෙනා පෞද්ගලිකව එකිනෙකා නොහඳුනන නමුත් 2001 වසරේදී ඔහුට භාර දුන් මෙම රාජකාරිය අවසන් කරද්දී මෙම පුද්ගලයින් දෙදෙනා එකම පියෙකුගෙන් බිහි වී තිබෙන බව අනාවරණය කරගන්නට සමත් වුණා.

මෙයින් පුදුමයට පත් වූ සීඩ් රෝයි මෙම පුද්ගලයාට දාව තවත් දරුවන් සිටීදැයි සෙවීමේ අමුතු උවමනාවක් නිසා වසර 15 ක් තිස්සේ ඩි. එන්. ඒ .සාම්පල් එකතු කර පරීක්ෂාකිරීමෙන් හා මිනිසුන්ගෙන් විමසන ලද සාක්ෂි අනුව වයස අවුරුදු 87 ක් වන මෙම කතාවට පාදක වූ පියුම් මහත්තයා විශ්‍රාම යනවිට ඔහුවත් නොදන්න පියෙකු නොමැති දරුවන් 1300 කට අධික ප්‍රමාණයකගේ පියා බව සොයා ගත්තේ සියල්ලන්ගේම දෑස් උඩ ඉන්දවමින්.

මෙම රහස් පරීක්ෂකයා තමන්ගේ ජිවිතයේ වසර 15 ක්ම මෙම ගවේෂණය සඳහා වැයකර තිබුණු අතර එහි වාර්තාව එළිදක්වන්නට සුදානම් වෙමින් 87 හැවිරිදි පියුම් මහත්තයාගෙන් මෙයට හේතුව විමසා තිබෙනවා.

“අවුරුදු 60 ක් මං ජිවිතයේ උපරිම විනෝදය ලබපු කෙනෙක්.ඒ දවස් වල හිටපු ජොනි කෑෂ් නම් ජනප්‍රිය නළුවා ගේ පෙනුම මට තියෙන්නේ. ඒ දවස් වල ගැහැණු මට නළුවා කියල රැවටිලා මාත් එක්ක ඉන්න හරිම කැමතියි.ඉතිං මං ලියුම් බෙදන්න යන හැම තැනම ඉන්න ගැහැණු උදවිය එක්ක මං හිතවත්කම් පැවැත්තුවා. එයාලට මං නිසා ළමයි ඉන්නත් ඇති.ඒත් ඒ දවස් වල එවැනි උපත් ගැන වැඩිය හොයන්න ගියේ නැහැ.මං ගැහැණු අය එක්ක ඇතිවෙනකම් විනෝද වුණා නළු පෙනුම නිසා.”

මොහුගේ මෙම අවජාතක දරුවන් හෝ ඔහුගේ පවුලේ කිසිවෙක් හෝ මෙම කරුණු අනාවරණය වුවත් ඔහුට විරුද්ධව කිසිඳු පියවරක් නොගැනීමට තීරණය කර ඇති අතර පෞද්ගලික හේතූන් මත මොහු පිළිබඳ තොරතුරු හෙළි නොකළ බොහෝ පිරිසක්ද ඒ අතර සිටින බැවින් මෙම සීඩ් රෝයි නම් රහස් පරීක්ෂකයා පවසන පරිදි පියුම් මහත්තයාගේ අවජාතක දරුවන් ගණන 1300 ට වඩා වැඩිවිය හැකි බවත් එම වාර්තාවේ සඳහන් වනවා.

-අන්තර්ජාලයෙන්

Loading...
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

error: Content is protected !!