Published On: Tue, Oct 10th, 2017

“බැසිල් රාජපක්ෂ, ඔබට විලි ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද?” – සිරස ප්‍රවෘත්ති විකාශය අතරතුරදී හදිසියේ නිවේදකයෙක් කඩා පැන බැසිල්ට බැණගෙන බැණගෙන යයි

Loading...

සිරස ප්‍රවෘති විකාශය අතරතුරදී හදිසියේ නිවේදකයෙක් කඩා පැන බැසිල් රාජපක්ෂට බැනගෙන බැනගෙන ගියේය. ඒ බැසිල් රාජපක්ෂ රැස්වීමකදී සිරිසේ සංඛ්‍යාත වංචාවක් ගැන පැවසූ ප්‍රකාශයකට පිළිතුරැ දිය යුතු බව පවසමිනි. එම සිදුවීම සිරස වෙබ් අඩවිය මගින් වාර්තා කර තිබුනේ පහත පරිදියි.

මිස්ටර් ටෙන් ප්‍රසන්ට් ලෙස කුප්‍රකට, ජනවාරි 8 ඡන්දයෙන් පසු කදමළු බැඳගෙන රටින් පැනගිය ඇමෙරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ ඊයේ රැස්වීමක පළකළ අදහස් මේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ,

“මේ රටේ විකාශන අයිතිය දෙන ෆ්රී ක්වන්සිස් නැත්නම් සංඛ්‍යාත එක සමාගමකට දෙන එදා නෙළුම් කුළුණ හදලා සුනාමි ආවත් අපේ සන්නිවේදනය අඩපණ නොවෙන්න හදන්න ගියපු ඒ සංඛ්‍යාත ටික මහා රාජා සමාගමට අත යටින් දුන්න”

බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිතුමෝ,

අනූනමයෙන් බේරුණ හෙල්පින් හම්බන්තොට අමතක වෙලා ද?

තුන් හතර දෙනෙක් වටකරගෙන දැන් චණ්ඩියෙකු සේ කථාකරන ඔබ ජනාධිපතිවරණයෙන් සහෝදරයා පරදවා කදමලුත් බැඳගෙන ඇමෙරිකාවට පැන ගිය හැටි අමතක ද?

මහින්ද රාජපක්ෂ මහතාට පුටුවත් අහිමිකර පාක්ෂිකයින් මෙන් ම මැති ඇමතිවරුනුත් අතරමංකර පැන ගිය අයුරු ඇමති විජයමුණි සොයිසා හෙළි කළ අයුරු අමතක ද?

ඔබට අමතක බොහෝ දේ අපට මතකය…

මල්වානේ අයිතිකරුවෙක් නැති වූ සුපිරි මන්දිරය, ගොවීන්ට බෙදා දීමට ඉන්දියාවෙන් ගෙනා ට්‍රැක්ටර්, ඇයි කිරි එළදෙනුන්, එකොට දුප්පත් ජනතාවට දුන්න සමෘද්ධි කාඩ් එකෙනුත් වංචා කළ බවට එල්ලවන චෝදනා අපට අමතක නැත.

ඇයි හිටපු ඇමතිතුමෝ, ජාත්‍යන්තරය මිස්ටර් ටෙන් පර්සන්ට් කියා ඔබව ඇමතුවා අමතක ද?

කොම්පියුටර් ජිල්මාට් ගැනත් ඒ කාලේ කතා කළා ඔබට අමතක විය නොහැක.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයටත්, එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් නිදහස් පක්ෂයෙන් පොහොට්ටුවටත් පැන්න ඔබ වැඩ බැරි බැසිල් කියා හඳුන්වන්නේ අප නොව පවුලේම අයයි.

ඒ අයනම් කියන්නේ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය කුජීත කළේ බැසිල් රාජපක්ෂ බවයි .

ඒකාබද්ධ විපක්ෂයේ අත්දැකීම් ඇති දේශපාලඥයින්ටත් දැන්නම් ඔබව එපාවී ඇති බව ප්‍රසිද්ධියේම ඔවුන් කියා සිටියි.

කාටත් වැඩක් නැති කාලය කා දමන එවුන්ට අපේ ගමේ නම් කියන්නේ කාලකන්නියා කියායි.

ඇගපුරා සුර ඔතාගෙන දෙවියන් යැදූ පමණින් කළ පව් නිවැරදි නොවන බව ද ඔබට සිහිපත් කරමු.

හදිසියේ උඩුකය නිරුවස්තරව යාපනයට ගියේ දෙවියන් යැද පව් සමාකර ගැනීමට ද නැත්නම් ඒකත් සුපුරුදු අවස්ථාවාදී අසික්කිත දේශපාලන ගුණ්ඩුවක් ද?

හැබැයි හිටපු ඇමතිතුමෝ ඔය අවස්ථාවාදී වැඩ උතුරේ වගේම දකුණේ ජනතාවත් දැන් හොඳින් දන්නා බව සිහිතබා ගැනීම වටී.

සට්ටැඹි උපදේශකයෙකු ලියා කියා දුන් පමණින් පැමිණ අපට ඇඟිල්ල දිගු කරන ඔබ බලයේ සිටි කාලයේ කළ කෙනෙහිලිකම් අපට කිසි දිනක අමතක නැත.

රටේ ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය තහවුරු කරමින් අපි ඉදි කළ අති නවීන දෙපානම මැදිරි සංකීරණය මැරයන් යොදා බිමට සමතලා කළේ ඔබ අරලියගහ මැදුරේ සුපිරි කාමරයකට වී පිටරටින් ගෙන් වූ සුපිරි කෑමෙන් බඩ පුරවා ගත් කාලයේ යි.

දැන් සුනාමිය ගැන දොඩවන ඔබ එදා හෙළිකොප්ටර්වලින් සුනාමිය නරඹද්දී සිරස ජනතාව වෙනුවෙන් මහපොලොවේ පයගසා ඔවුන් සමග නැගී සිටි අයුරු අමතක ද?

ජනතාව නගා සිටුවීම කෙසේ වෙතත් හෙල්පින් හම්බන්තොට ගිණුම හරහා ලැබුණු මුදල් පිල්ලේ ගැසූ බව නම් ඔබගේ කාලයේ ම සිටි අගවිනිසුරු සරත් සිල්වා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බව රටේ ජනතාවට මතකය.

දිවි නැගුම සල්ලි පිල්ලි ගහන්නට පනතට ඉඩ නොදුන් අපේ රටේ පළමු අගවිනිසුරුවරිය අටපාස් නැති ඔබේ සට්ටැඹියන් යොදා පැය ගණනකින් ගෙදරයැවූ දිනය අපේ රටේ ඉතිහාසයේ කලු අකුරින් සටහන් වී ඇත.

ඡන්ද ක්‍රමයක් යැයි කියා සීමා නිර්ණය වාසියට හරවාගෙන අණපනත් වෙනස් කරමින් සිදු කළ අවුල ලිහා ගැනීමට අපේ රටට තවමත් නොහැකිවී තිබේ.

බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිතුමෝ,

ඔය කිහිපයක් විතරයි.

අපිට ඇඟිල්ල දිගු කරන ඔබේ අතේ ඇඟිලි හතරක් ඔබ දෙසට දිගුවී ඇති අයුරු බලන්න.

2015 ජනවාරි 8 වන දා ජයග්‍රහණය ගැන ඔබ එවූ SMS පණිවුඩ හා ඔබ සහභාගී වූ රාත්‍රී භෝජන සංග්‍රහ ගැන අපි වෙනම කතා කරමු.

අහිංසක දුප්පත් ජනතාවගේ කිරි එළදෙනගේ සිට සමෘද්ධි කාඩ් පත දක්වාත් රටට ප්‍රතිලාභ ගෙන එන මහා ආයෝජන ව්‍යාපෘතිවලිනුත් හිරිකිතයක් නැතිව කොමිස් ගැසූ ඔබ වැනි අය ජනතාව දැන් ප්‍රතික්ෂේප කර අවසන්.

ඉතිහාසය ඔබ නිසි තැන තබනු ඇත.

දැන් ඔබේ කාලය අවසන්වී ඇත.

ජනතාව යළි ත් ඔබ එළවා දමන්නට පෙර රටට පව් නොදී ඔබේ රට වන ඇමෙරිකාවට ආපසු යන්න.

තමන්ගේ තරම දැන ඉදිමිය යුතු බව ද අපි ඔබට අවසන් වශයෙන් දන්වමු.

Loading...
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

error: Content is protected !!