නාමල් සම්බන්ධ සමාගමේ අධ්‍යක්ෂවරියක් අද අළුයම කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට – ඡායාරූප | Gossip Lanka Sinhala News
Loading...
Oct
10
නාමල් සම්බන්ධ සමාගමේ අධ්‍යක්ෂවරියක් අද අළුයම කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට – ඡායාරූප

නාමල් සම්බන්ධ සමාගමේ අධ්‍යක්ෂවරියක් අද අළුයම කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට – ඡායාරූප

103 Views

අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගම හරහා විශුද්ධීකරණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ විත්තිකාරියක වන ඔනෙල්ලා ඉරේෂා ද සිල්වා නමැත්තිය කටුනායක ගුවන් තොටුපොලේදී අද (10) අත්අඩංගුවට ගැණුනා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ ද අදාළ නඩුවේ විත්තිකරුවෙක්.

ඔනෙල්ලා ඉරේෂා ද සිල්වා නමැත්තිය ඇතුළු මෙම නඩුවේ විත්තිකරුවන් තුන් දෙනෙකු රටින් පලාගොස් සිටියා.

නඩුව විභාග කරන කොළඹ මහාධිකරණය තීරණය කළේ ඔවුන් නොමැතිව නඩුව පවත්වාගෙන යාමටයි. කෙසේවෙතත් විදේශයක සිට ශී‍්‍ර ලංකාවට පැමිණි අවස්ථාවේ ඔනෙල්ලා ඉරේෂා ද සිල්වා නමැත්තිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය ගවර්ස් කෝපරේට් සමාගමේ අධ්‍යක්‍ෂවරියකද බවයි විමර්ශනවලින් හෙළි වී තිබෙන්නේ.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!