Published On: Thu, Sep 28th, 2017

ගැහැණු ලක්ෂ ගණනකගේ නිරුවත ලොවට පෙන්වා Playboy නිර්මාතෘ අවසන් ගමන් යයි

Loading...

ලොව ආන්දෝලනාත්මක සඟරාවක් වන ප්ලේබෝයි (Playboy) සඟරාවේ නිර්මාතෘවරයා වන හියු හෙෆ්නර් මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ මිය යනවිට ඔහු 91 වැනි වියේ පසුවූ බවයි.

චිකාගෝ නුවර ඉලිනොයි විශ්වවිද්‍යාලයෙන් මනෝ විද්‍යාව පිළිබඳ උපාධියක්‌ ලද හියු හෙෆ්නර් (Hugh Hefner) සඟරාවක්‌ පටන් ගැනීමට මුදල් සොයා ගැනීම ආරම්භ කළේ තමන් සතු ගෘහභාණ්‌ඩ සියල්ලම උගස්‌ කර ඩොලර් 800 ක්‌ සොයා ගැනීමෙනි.

ඉන්පසු ඔහු සිය මවගෙන්ද ඩොලර් 1000 ක්‌ ණයට ඉල්ලා ගත් අතර තවත් පුද්ගලයන් 45 දෙනකුගෙන් ඩොලර් 8000 ක්‌ එකතු කර ගෙන තිබෙනවා.

ඉන්පසු Playboy නමැති සඟරාව පටන් ගත් අතර සඟරාවේ පළමුවැනි කවරය සැරසුණේ සුප්‍රකට හොලිවුඩ් නිලි මැරිලින් මොන්රෝගේ ඡායාරූපයකිනි.

1953 ඔක්‌තෝබර් මාසයේදී Playboy (ප්ලේබෝයි) සඟරාවේ පළමුවන කලාපයේ එය නිකුත් කළ අවුරුද්ද මාසය හෝ දිනය සඳහන් වන්නේ නැත. එයට හේතුව සඟරාවේ දෙවැනි කලාපයක්‌ නිකුත් කළ හැකිද යන්න ගැන හෙෆ්නර් තුළ සහතිකයක්‌ නොතිබූ නිසායි.

පළමුවැනි සඟරාවේ සියලු පිටපත් සතියක්‌ තුළ විකිණී අවසන් වූ අතර එයට හේතු වූයේ සඟරාවේ කවරය බාගෙට සරාගි වුවත් ඇතුළත නිරුවත් ඡායාරූපවලින් පිරී තිබීමය.

මැරලින් මොන්රෝ ඇහැටවත් දැක නොතිබූ හියු හෙෆ්නර් ඇගේ පින්තූරය ලබා ගත්තේ කැලැන්ඩරයකින්ය.

හෙෆ්නර් පසු කාලයේදී නිව්යෝර්ක්‌ නුවර සුසාන භූමියක පිහිටි ඇගේ මිනීවලට යාබද අඩි 704 ක ප්‍රමාණය ඩොලර් මිලියනයකටත් වැඩි මිලක්‌ ගෙවා මිලට ගත්තේ තමන් මියගිය දිනක මළ සිරුර මිහිදන් කිරීම සඳහා යි.

Loading...
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

error: Content is protected !!