හෙරොයින් පැකට්ටුවක් දුන්නොත් ලිංගිකව එක්වන රූමත් තරුණියක් පොළොන්නරුවෙන් අල්ලයි – ඡායාරූප | Gossip Lanka Sinhala News
Loading...
Aug
2
හෙරොයින් පැකට්ටුවක් දුන්නොත් ලිංගිකව එක්වන රූමත් තරුණියක් පොළොන්නරුවෙන් අල්ලයි – ඡායාරූප

හෙරොයින් පැකට්ටුවක් දුන්නොත් ලිංගිකව එක්වන රූමත් තරුණියක් පොළොන්නරුවෙන් අල්ලයි – ඡායාරූප

99 Views

දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් පානය කිරීමට ඇබ්බැහි වී සිටි රූමත් තරුණ කාන්තාවක් පොළොන්නරුව දිසා දූෂණ මර්දන අංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය සමග එක්ව හෙරොයින් ජාවාරමේ නිරත වූ ඇගේ සැමියා හා සහෝදරයා ද පසුව අත්අඩංගුවට පත් වුනා.

හෙරොයින් ග්‍රෑම් පහකට ආසන්න ප්‍රමාණයක් සමග පොළොන්නරුව දිසා දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (01) සවස මොවුන් අත්අඩංගුවට ගත්තා.

අනුරාධපුර පොලිස් වසමේ විජයපුර හා මාතලේ හංදියේ පදිංචි එකම පවුලේ පිරිසක් හෙරොයින් ජාවාර මේ නිරතවන බවට දිසා දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති වසන්ත කුමාරට තොරතුරු ලැබී තිබුනා.

පසුව පොලිස් උපයා දූතයෙකු යොදවා වැටලීම කළ අතර ඔවුන් සන්තකයේ තිබු හෙරොයින් ග්‍රෑම් හතරයි මිලිග්‍රෑම් 560 ක ප්‍රමාණයක් හා රුපියල් 2500 ක් මෙන්ම ජංගම දුරකථයක්ද පොලිස් භාරයට ගත්තා.

සැකකාර 23 හැවිරිදි තරුණිය, සැමියා සමග පැමිණ රුපියල් 2500 ක මුදලකට අනුරාධපුර නුවර වැව ප්‍රදේශයේදී පොලිස් උපයා දූතයාට හෙරොයින් පැකට්ටුව අලෙවි කිරීමට උත්සහ කරද්දී පොලිසිය ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබුනා.

රූමත් තරුණිය සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 240 ක ප්‍රමාණයක් තිබී ඇති අතර සැමියා සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 90ක් තිබුනා.

ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන දීර්ඝ වශයෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලදී සිය සහෝදරයාත් ජාවාරමට සම්බන්ධබව තරුණිය පොලිසියට පවසා තිබූ අතර ඔහු අනුරාධපුර විජයපුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 230 ක් සමග අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවට ගත් රූමත් තරුණිය මීට පෙර ගුවන් හමුදා සෙබළෙකු සමග විවාහවී සිට තිබෙනවා.

ඇය මත්කුඩු පානයට ඇබ්බැහිවී සිටිම නිසා සෙබළා ඇයව නීත්‍යාණුකූලව දික්කසාද කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඇය හෙරොයින් ජාවාරමේ නිරත 29 හැවිරිදි තරුණයා සමග විවාහවී අති බවත් කිසිවෙකුටත් සැක නොසිතෙන අන්දමෙන් ඇය පවුලේ උදවිය සමග එක්වී හෙරොයින් අලෙවිකර තිබෙන බවත් පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

ඇය ගැණුම්කරුවන්ගේ දුරකථන ඇමතුම්වලට අනුව කාන්තා යතුරු පැදියෙන් ගොස් හෙරොයින් අලෙවි කරන බවත් ඇයට හෙරොයින් පානය කිරීමට පැකට්ටුවක් ලබාදෙන ඕනෑම තරුණයෙකුට ඇය සමග අඹු සැමියන් ලෙස හැසිරීමට අවස්ථාව ලබාදෙන බවද පොලිසියට අනාවරණ වී තිබෙනවා.

සහෝදරයා හා සැමියා කොළඹ ප්‍රදේශයට ගොස් රුපියල් 500කට රැගෙන එන හෙරොයින් පැකට්ටුවක් මොවුන් ගැණුම් කරුවන්ට රුපියල් 2500 ක මුදලකට අලෙවිකර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් 23 හැවිරිදි තරුණිය 29 හැවිරිදි සැමියා හා 25 හැවිරිදි සහෝදරයා අද (02) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනා.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!