මං රිෂාඞ් බදියුදීන් ඇමති වෙනුවෙන්.. ඔහු කියන්නේ ඇත්ත.. වනාන්නර හැමදාම එක විදිහට නෑ.. කැළේ කපලා ජනතාව පදිංචි කරවනවා – රාජිත | Gossip Lanka Sinhala News
Loading...
Aug
8
මං රිෂාඞ් බදියුදීන් ඇමති වෙනුවෙන්.. ඔහු කියන්නේ ඇත්ත.. වනාන්නර හැමදාම එක විදිහට නෑ.. කැළේ කපලා ජනතාව පදිංචි කරවනවා – රාජිත

මං රිෂාඞ් බදියුදීන් ඇමති වෙනුවෙන්.. ඔහු කියන්නේ ඇත්ත.. වනාන්නර හැමදාම එක විදිහට නෑ.. කැළේ කපලා ජනතාව පදිංචි කරවනවා – රාජිත

64 Views

මන්නාරම සිලාවතුර ප්‍රාදේශීය රෝහලේ ඉදිකරන ලද නව වාට්ටු සංකීර්ණය විවෘත කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) සිදූ කරන ලදි.

මෙම රෝහල මුලික රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට නියමිත අතර, ඒ සදහා අවශ්‍ය මානව සම්පත සහ භෞතික සම්පත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී පොරොන්දූ විය.

“යුද්ධය හේතුවෙන් උතුරු පළාතේ ජීවත් වූ මුස්ලිම් සහ සිංහල ජනතාව එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් පැය 24 ක් තුල පළවා හැරියා. එම නිසා එම ජනතාව පීඩාවට පත් වුනා. මුස්ලිම් ජනතාව වසර 30 ක් ජීවත් වූයේ පුත්තලම ප්‍රදේශයේ අනාථ කඳවුරු වලයි. යුද්ධය අවසන් වූ පසු ඔවුන් නැවත තම නිජ භුමියේ පදිංචි වුනා. එම ජනතාවට රජය පහසුකම් සැපයිය යුතුයි. ඉඩම් අයිිතිය ආරක්ෂා කර දිය යුතුයි. එම ඉඩම් අයිතිය ආරක්ෂා කර දීමට ඉදිරිපත් වු රිෂාඩි බදියුදීන් අමාත්‍යවරයා දෝෂාරෝපනයට ලක් වුනා. ඔහුට එරෙහිව සිංහල ජාතිවාදින් පෙරමුණ ගත්තා. මිනිසුන් පදිංචි කිරිමට යන විට විරුද්ධත්වය පළ කළා.

මම රිෂාඩි බදියුදීන් අමාත්‍යවරයා වෙනුවෙන් කථා කළා. මම හිටපු ඉඩම් ඇමැති. එම නිසා ඉඩම් නීතිය මම හොදට දන්නවා. රිෂාඩි බදියුදීන් අමාත්‍යවරයා රූපවාහිනී විවාදයක දී ජනතාවගේ ඉඩම් අයිිතිය පිළිබද සියලු තොරතුරු හෙළි කළා. මම ඒ අනුව විශ්වාසය පළ කළා එහි සත්‍යතාවයක් තිබෙනවා කියලා. කැළෑ ප්‍රදේශ හැමදාම එකම විදිහට තිබුනේ නැහැ. රටේ අවශ්‍යතා අනුව වෙනස්වීම් සිදූ කරනවා. ඇතැම් ප්‍රදේශ ජනතාව ද පදිංචි කිරීමට යොදා ගන්නවා. රිෂාඩි බදියුදීන් අමාත්‍යවරයා මුස්ලිම් ජාතිකයෙක් වීම නිසයි මෙම ගැටුම ඇති වුනේ. එතුමත් පුත්තලමේ අනාථ කඳවුරක ජීවත් වූ පුද්ගලයෙක්. ජාතිවාදීන් මොනවා ප්‍රකාශ කළත් සියලු ජනතාවට සම අයිතිය ලබාදිය යුතුයි. එම සටන ඉදිරියටම ගෙන යනවා.”

මෙම අවස්ථාවට අමාත්‍ය රිෂාඩි බදියුදීන් මහතා ඇතුලු මහජන නියෝජිතයින් රැසක් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතා ඇතුලු නිලධාරින් රැසක් ද එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!