උපතින් ලද ජනනේන්ද්‍රය ලොකු කරගන්න ගිය තරුණයෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම | Gossip Lanka Sinhala News
Loading...
Aug
1
උපතින් ලද ජනනේන්ද්‍රය ලොකු කරගන්න ගිය තරුණයෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම

උපතින් ලද ජනනේන්ද්‍රය ලොකු කරගන්න ගිය තරුණයෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම

102 Views

තම ජනනේද්‍රය විශාල කරගැනීමට උත්සහ කළ පුද්ගලයෙකු මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාල සිදුවීම වාර්තා වන්නේ ස්වීඩනයෙන්. මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර ඇත්තේ. ඔහු මෙලෙස අවාසනාවන්ත අයුරින් මියගොස් ඇත්තේ ජනනේද්‍රය විශාල කිරීමේ සැත්කම සිදුකරන අතරතුරදීයි.

එම අවස්ථාව වනවිටත් ඔහු සැත්කම සඳහා අවශ්‍ය මනා ශරීර සෞඛ්‍ය තත්වයකින් පසුවූ බවයි සැත්කම සිදුකළ වෛද්‍යවරුන් අධිකරණයට පවසා ඇත්තේ.

කෙසේ වෙතත් සැත්කම අතරතුර ඔහුට මේදය අඩංගු ඖෂධ එන්නත් දෙකක් ශරීරගතකර තිබෙනවා.

පළමු එන්නත් කර දෙවැනි එන්නත් කිරීම සිදුකිරීමත් සමඟ රෝගියාගේ හෘද ස්පන්දනය අසාමාන්‍ය ලෙස වර්ධනය වූ බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ.

අනතුරුව ඒ සඳහා කඩිනම් ප්‍රතිකාර සිදුකලද පැය කිහිපයකට පසුව එම රෝගියා මියගිය බවයි වාර්තා වන්නේ.

උදරයේ ඇති මේදය අන්තර්ගත කිරීමක් සමඟ සිදුකරනු ලබන ප්ලාස්ටික් සැත්කමක් මගින් මොහුගේ ජනනේන්ද්‍රයේ ප්‍රමාණය වර්ධනය කිරීමයි මෙම සැත්කමේ අරමුණ වී ඇත්තේ.

ස්වීඩනයේ මෙලෙස ජනනේන්ද්‍රය වර්ධනය කරගැනීමේ සැත්කමකින් මියගිය පළමු වතාව මෙය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!