‘ඇලෝසියස් දන්නවා නේද.. හමුවුනා නේද..’ කොමිසම අසයි…- ‘මට මතක නෑ..’ ඇමති රවී කියයි | Gossip Lanka Sinhala News
Loading...
Aug
2
‘ඇලෝසියස් දන්නවා නේද.. හමුවුනා නේද..’ කොමිසම අසයි…- ‘මට මතක නෑ..’ ඇමති රවී කියයි

‘ඇලෝසියස් දන්නවා නේද.. හමුවුනා නේද..’ කොමිසම අසයි…- ‘මට මතක නෑ..’ ඇමති රවී කියයි

58 Views

මහ බැංකුවේ බැදුම්කර ගණුදෙනු පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි අමාත්‍ය රවී කරුණානායක එම කොමිසමෙන් සමාව අයැද තිබෙනවා.

ඒ, බැදුම්කර ගණුදෙනුවට අදාලව ප‍්‍රකාශයක් ලබා දීම ආරම්භ කරමින්. එහිදී අමාත්‍යවරයා ප්‍රථමයෙන් සඳහන් කර ඇත්තේ අවස්ථා දෙකකදී කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි වීම පිළිබඳව සමාව ඇයද සිටින බවයි.

ප‍්‍රශ්න ගත බැදුම්කර ගණුදෙනුව සිදුවන සමයේ මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක කටයුතු කිරීම හා ඔහුගේ සබඳතා පිළිබඳ අනාවරණ වීම හේතුවෙන් ඒ පිළිබඳ ප‍්‍රශ්න කිරීමටයි ඔහු බැදුම්කර කොමිසම හමුවට කැඳවා තිබුණේ.

අද (02) පෙරවරු 10.20 ට පමණ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ වී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.

මෙහිදී අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකතනයෙන් ලබා ගත් වාර්ථාවක්ද නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොමිසම හමුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අමාත්‍ය රවී කරුණානායකගේ නම සඳහන් කරමින් අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකතනයට ලැබී ඇති කෙටි පණිවුඩ සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායකගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කෙරුණා.

ප්‍රශ්න කිරීම් හමුවේ අමාත්‍ය රවී කරුණානායක සඳහන් කර ඇත්තේ තමන් කිසිවක් නොදන්නා බවයි.

මේ අතර අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් අවස්ථා 13කදී එකම අවස්ථාවන්හීදි සිංගප්පූර්වේ රැඳී සිට ඇති බවද කොමිසම හමුවේ අනාවරණය කර තිබෙනවා.

ඒ නීතිපති දෙපාර්තමේන්තුව විසින් අමාත්‍ය රවී කරුණානායකගේ සහ අර්ජුන් ඇලෝසියස්ගේ ගුවන් ගමන් බලපත්‍ර වාර්තා ලබා ගැනීමෙන් පසු ඉදිරිපත් කළ වාර්තාවකින්.

මෙම අවස්ථා 13 න් එක් අවස්ථාවකදී හෝ දෙදෙනා සිංගප්පූර්වේදී හමුවූයේ දැයි කොමිසම අමාත්‍ය රවී කරුණානායකගෙන් ප්‍රශ්න කර සිටියා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඒ පිළිබඳව තමන්ට කිසිවක් මතක නැති බවයි.

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!