Published On: Mon, Jun 5th, 2017

මේ දිනවල වෙලඳපොලේ ඇති ජනප්‍රියම ක්‍රීම් එක ගාලා සුදු වෙන්න ගිය තරුණියකට වුණු දේ මෙන්න

Loading...

මීට වසර කිහිපයකට ඉහත සංචලීගේ පාසල් සමයේ පන්තියේ සිසුවියන් අතරේ විනෝදමත් තරගයක් පැවැත්විණි. ඒ පන්තියේ සිසුවියන් අතරින් වඩාත්ම සුදු යුවතිය තේරීමේ තරගයකි. සිසුවියන් දොළොස් දෙනකු ඉදිරිපත් වූ ඒ තරගයට සංචලීද ඉදිරිපත් වූවාය. ඒ තරමක් බලා‍පොරොත්තු සහගතවය. එහෙත් පන්තියේ පාසල් සිසුවියන් අතර පැවැති රහස් ඡන්ද විමසීමකින් සංචලීිට හිමි වී තිබුණේ සිව්වැනි ස්ථානයයි.

ඒ මොහොතේ එම පරාජය සිනාසී භාරගත් පංචලී එදින පාසල නිම වී නිවසට ගිය සැනින් කෑම බිම පවා නොගෙන යහනේ වැතිර පැය කිහිපයක් හඬා වැටුණාය. ඊට හේතුව පළමුව ඇගේ මවද දෙවනුව පියාද සොයුරු සොයුරියන්ද විමසූ මුත් තමන් මෙලෙස නොකා නොබි හඬා වැටෙනුයේ සම සුදු නොවීම නිසා යැයි ඔවුන් හට පැවැසීමට තරම් ආත්ම ශක්තියක් ඇය සතුව නොවිණි.

ඒ කෙසේ හෝ දින කිහිපයක් මෙලෙස බලවත් චිත්ත පීඩාවකින් පසු වූ පංචාලි ඉන් පසුව තමන් කෙසේ හෝ ‘සුදු විය’ යුතු යැයි තීරණය කළාය. එමෙන්ම ඉන්පසු තම පවුල් සාමාජිකයන් අතරේසේම මිතුරු මිතුරියන්ද තමන්ගේ ‘සුදු’ බවට හිමි තැන රහසින් විමසා බැලීමටද පංචාලි හුරුවූවාය.ඒ අතර සම පැහැපත් කරන බව පැවැසෙන ආ‍ලේප වර්ග එකක් නොව කිහිපයක් භාවිතා කිරීමටත් සමේ පැහැය අඩු කරන බව පැවසෙන හිරු එළියට ආවරණය වීමෙන් වැළකී සිටීමටත් ඇය නිරතුරුව වගබලා ගත්තාය.

මේ අතර වෙළෙඳ ප්‍රචාරක දැන්වීම් මගින් සම සුදු කරන බව පැවැසුණු පෙති වර්ග ටොනික් හා සිරප් වර්ගවලට ආහාරවලට දෙන ප්‍රමුඛත්වයම ලබා දුන් සංචලීි ඒ කිසිවකින් සෑහීමට පත් නොවූයේ තමන් තවමත් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට සුදු වී නැතැයි යන හැඟීම ඇගේ සිත තුළ පැලපදියම්ව තිබූ බැවිනි.

මේ අතර මෙම සුදුවීමේ අරමුණ පෙරදැරිව ඇය රූපලාවන්‍ය මධ්‍යස්ථාන කිහිපයක් වෙතම වරින් වර ගිය අතර ඒවායේදී ඇය සඳහා ඒ වෙනුවෙන් නොයෙකුත් ප්‍රතිකර්මද කරන ලදී. විවිධ රසායනික ද්‍රව්‍ය මුහුණේ ආ‍ලේප කිරීම සහ විවිධ ද්‍රව්‍ය අඩංගු වාෂ්ප ආදිය මුහුණට ඇල්ලීමද ඒ ප්‍රතිකර්ම අතර තිබිණ. මේ අතර සංචලීි ගිය එක් රූපලාවන්‍ය මධ්‍යස්ථානයක රූපලාවනවේදිනියකගෙන් ඇයට කදිම ‘ඔත්තුවක්’ ලැබිණ. එනම් කළු සම ඇත්තවුන් සුදු පැහැ ගන්වන විශේෂිත එන්නත් පන්තියක් තමන් දන්නා එක් වෛද්‍යවරයකු සමීපයේ ඇති බවයි.

එහෙත් එම එන්නත් සතිපතා ලබාගත යුතු එම එන්නත් පන්තිය සඳහා රුපියල් අසූ දහසක පමණ මුදලක් වැයවන බවත් කී එම රූපලාවන්‍යවේදිනිය ඇයට කියා සිටියේ රූපලාවන්‍ය ආ‍ලේපන මගින් මුහුණ පමණක් සුදු කර ගැනීම වෙනුවට එමගින් මුළු සිරුරම සුදු කර ගත හැකි බවය. එහෙත් එවැනි සම සුදු පැහැ ගන්වන ස්ථානයක් වෛද්‍ය විද්‍යාත්මක බිහි වී නොමැති බවත් මෙය කුමක් හෝ කපටි කයිරාටික බවක් ඇය නොදැන සිටින්න ඇත.

කෙසේ හෝ මෙම සියලු කටයුතුවලින් පසු සංචලීිගේ සිරුරේ යම් කායික වෙනස්වීමක් පිළිබඳව ඇය දන්නා හඳුනන අය කතා කරන්නට වූහ. ඇතැම්හු සංචලීිගේ මුහුණ මෙසේ සුදුමැලිවීම කිසියම් රෝග ලක්ෂණයක් සේද සිතීමට පටන් ගත්හ. එහෙත් ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකළ පංචාලිගේ සිත තුළ වූයේ තමන් තව දුරටත් සුදු විය යුතු බවකි. එසේම හිරු එළියෙන් උණුසුමින් සහ දුහුවිලි ආදියෙන් තම සමේ පැහැය අඩු වී යතැයි විශ්වාස කළ ඇය තම මාපියන්ට පෙරැත්ත කොට නිවසේ තමන් වෙසෙන කාමරය වායු සමනය කර ගැනීමටද පවා පෙළඹුණාය.

එමෙන්ම අඩුම තරමේ දහවල් කාලයට ගෙවත්තේවත් සක්මන් නොකළ ඇය තම ගමන් බිමන් සඳහාද වායු සමනය කළ වාහනයක්ම යොදා ගන්නට උත්සාහ කළාය. ඒ වනවිට සංචලීිගේ අධ්‍යාපනික කටයුතු මුළුමනින්ම බිඳ වැටී තිබූ අතර ඇය තුළ පැවැති පවුල් ප්‍රජා සමාජ සබඳතාද කමෛන් බිඳ වැටෙන බවක් සංචලීගේ දෙමාපියන්ට වැටහිණ. කෙසේ හෝ එම පවු‍ලේ සමීපතම හිතවතකු සංචලී මනෝ වෛද්‍යවරයකු හමුවට පත් කරන ලෙස ඉල්ලා සිටියේ ඇගේ පෙනුම සේම හැසිරීම් රටාවද සාමාන්‍ය නොවන බව පෙන්වා දෙමිනි.

ඒ අනුව සංචලීිගෙන් ඒ සම්බන්ධයෙන් කරුනු විමසා ඉන් අනතුරුව ඇගේ මවගෙන් කරුණු විමසූ මනෝ වෛද්‍යවරයා සංචලීිට වැළඳි ඇත්තේ තම ශරීරයේ කිනම් හෝ අඩුපාඩුවක් ඇතැයි යන හැඟීම මනසේ තදින් බල පැවැත්වීම මුල්කොට ගත් ච්රඵථධපනඩඵඩධඡබච නම් මානසික රෝගය බව නිගමනය කළේය. මේ සඳහා නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති බවත් පාසල් වියේදී තම මිතුරියන් අතර ඇති වූ ‘සුදු කෙල්ල’ තේරීමේ තරගය මෙම රෝගය ඉස්මතු වීමට ආසන්නම හේත්ව බවත් වෛද්‍යවරයා කීය.

ඇය මෙලෙස එම සමේ පැහැය පිළිබඳ තදබල නොසෑහීම සිත තුළට පිවිසුවා නොගත්තේ නම් තම ශරීරයේ වෙනත් අඩුවක් මුල් කොට හෝ මෙම මානසික පීඩනය ඇගේ සිත තුළ බල පැවැත්විය හැකි බව වෛද්‍යවරයාගේ නිගමනය විය. එමෙන්ම මෙම රෝග තත්ත්වයෙන් පෙළෙන්නවුන් කිසිම අයුරකින් සතුටින් පසු නොවන බවත් එමගින් ඔවුන් පහසුවෙන් විශාදය Depression වැනි මානසික රෝගවලට ගොදුරු විය හැකි බවත් පෙන්වා දුන් වෛද්‍යවරයා ඥානක චර්යාත්මක චිකිත්සක (Cognitive behavloral therapy) ප්‍රතිකාර මගින් ඇයට මේ සම්බන්ධ සැබැ තත්ත්වය වටහා දී ඒ වනවිට ඇය තුළ පැවැති විශාද තත්ත්වය සඳහා ඖෂධීය ප්‍රතිකාර නියම කරන ලදී.

සංචලීි සාමාන්‍ය දිවිපෙවතකට පිවිසුණේ ඉන් පසුවය.

-ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් M.B.B.S. M.D.Psy විසඳුම් ඉදිරිපත් කරයි
-සටහන දමයන්ති ගමගේ

Loading...
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

error: Content is protected !!