Published On: Sun, Jun 4th, 2017

පතෝල වැලේ පස්‌පංගුවෙන් ඩෙංගු නිට්ටාවට සුව කරන අති ප්‍ර‍බල ඔසුවක්

Loading...

ප්‍රශ්නය – පසුගිය මාස කිහිපය තුළ අපේ රට තුළ ඩෙංගු රෝගය වසංගතයක මට්‌ටමින් ඉහළ ගිය බව ඔබ දන්නවා. මදුරුවකු මගින් වැළඳෙන ඝර්ම කලාපික රෝගයක්‌ වන ඩෙංගු, මාරාන්තික රෝගයක්‌ වන අතර, උණ, හිසේ වේදනාව, වමනය, මාංශ පේශි සහ සන්ධි වේදනාව, සම මත හටගන්නා කුෂ්ඨ රෝග තත්ත්වය යන රෝග ලක්‍ෂණවලින් සමන්විත වෙනවා.

සාමාන්‍ය ඩෙංගු උණ රෝගය Dengue Hemorrhagic Fever නමැති තත්ත්වය දක්‌වා වර්ධනය වූ විට රුධිරයේ පට්‌ඨ§කා ප්‍රමාණය පහත වැටීම (Low Levels of biood Platelets) හටගෙන, රුධිරයේ කැටි ගැසෙන ගතිය නැති වී අභ්‍යන්තර රුධිර කාන්දුවීම සිදුවී රෝගියා මිය යනවා. එහෙමත් නැත්නම් රුධිර පීඩනය ක්‍රමයෙන් පහත වැටී එමගින් හට ගන්නා කම්පනය මගින් රෝගියා මිය යනවා.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි – මෙහිදී ඒ තුළ වැදගත් ප්‍රශ්නයක්‌ මටත් තිබෙනවා. ඩෙංගු වෛරසය වර්ග 5 කට බෙදෙනවා. එයින් එක්‌ වර්ගයක්‌ වරක්‌ වැළඳුනු විට යළි කවදාවත් එය ආපහු වැළඳෙන්නේ නැහැ. එයට හේතුව මුළු ජීවිත කාලයටම අවශ්‍ය ප්‍රතිශක්‌තිකරණය එමගින් ලැබීමයි. එහෙත් ඉතිරි හතර වැළඳුනාම කෙටි කලක්‌ තුළදී ප්‍රතිශක්‌තිකරණය නැතිව යනවා.

අන්න ඒ හතර වරද්දා ගත්තොත් ලැබෙන ප්‍රතිඵලය මාරාන්තිකයි. ඩෙංගු සඳහා එන්නතක්‌ නිපදවීමට 1929 සිට පරීක්‍ෂණ කෙරුණා. අවුරුදු 90 කට කිට්‌ටු පර්යේෂණ මාලාවකින් පසු 2016 දී ඩෙංගු රෝගය සඳහා යම් ප්‍රමාණයකට ප්‍රතිශක්‌තිකරණයක්‌ ලබා දෙන එන්නතක්‌ නිපදවූවා. රටවල් 7 ක දැනටමත් මෙය ක්‍රියාත්මක වන අතර, දින 3 ක එන්නත් මාලාවක්‌ වන මෙය ලංකාවේ මුදලින් රුපියල් 35,000 ඉක්‌මවනවා. එහෙත් මේ එන්නත 100% ක ප්‍රතිශක්‌තිකරණයක්‌ ලබා නොදීම නිසා ප්‍රශ්නකාරී තත්ත්වයක්‌ හට ගෙන තිබෙනවා.

මෙහිදී මා වැදගත් යමක්‌ කිව යුතුයි. ඩෙංගු කියන්නේ ඡ්වර (උණ) රෝගයක්‌. එබඳු ඡ්වර රෝග සඳහා සුදුසු කසාය වර්ග අපේ දේශීය වෙද පොත්වල තිබෙනවා. මීට වසර දෙකකට පෙර මගේ දියණියකට ඩෙංගු වැළඳුනා. රුධිර සංයුති ප්‍රමාණය ඉතා නරක ලෙස පහත වැටුණා. කරන්න දෙයක්‌ නැතිම තැන මා අපේ වෙද පරම්පරාවට අයත් කසායක්‌ ඇයට බොන්න දුන්නා. දින 2 ක්‌ මේ කසාය බොන විට දියණියගේ රුධිර සංයුතිය ඉහළ ගියා.

ප්‍රශ්නය – මේ කසාය සෑදීමට භාවිතා කරන්නේ මොනවද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි – මේ සඳහා ගන්න ප්‍රධානතම ද්‍රව්‍යය තමයි අමු පතෝල වැලේ පස්‌ පංගුව. ඊට අමතරව තවත් බෙහෙත් පැළෑටි 5 ක්‌ ඒ සඳහා යොදා ගන්නවා.

ප්‍රශ්නය – පතෝල වැලකට ඩෙංගු සුව කරන්න පුළුවන් කියලා ඔබ කියන්නේ කවර පදනමක්‌ මතද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි – ඉංග්‍රීසියෙන් Snake Gourdලෙසත්, උද්භිත විද්‍යාත්මකව Trichosanthes cncnmerina ලෙසත් හැඳින්වෙන පතෝල ශාකය ආසියාවටත් ඔස්‌ටේ්‍රලියාවටත් අප්‍රිකාව සහ ශාන්තිකර සාගරයට අයත් රටවලටත් ඇමරිකාවේ µaලොරිඩා ප්‍රාන්තයටත් ආවේණික එළවළුවක්‌. මෙය උයලත් කනවා. අමුවෙනුත් කනවා. පිසූ විට එක ගුණයකුත් අමුවෙන් කන විට තව ගුණයකුත් මෙහි තිබෙනවා. අපේ පරම්පරාවේ වෛද්‍ය ක්‍රමයට අනුව පතෝල සියලුම ආකාරයේ උණ රෝගවලට ඉතා ඉහළ ප්‍රතිශක්‌තිකරණයක්‌ ඇති කරන ආහාරයක්‌.

ඔබට මතකද මෙයට අවුරුදු හතළිහකට පනහකට පෙර කෙනෙක්‌ උණ රෝගයෙන් පෙලුනාම මුලින්ම දෙන ආහාරයක්‌ තමයි කිරට ඉවු පතෝල සහ බත්. පතෝලවල තිබෙන කෙඳි සහිත කොටස්‌ නිසා දිරවීමට ඉතා පහසුයි. ඒ වගේම එමගින් ශරීරයේ අභ්‍යන්තරය සිසිල් වෙනවා. සාමාන්‍ය උණක්‌ බහින්නේ නැති වුණාම අමු පතෝල කොල සහ අමු කොත්තමල්ලි කොළ ග්‍රෑම් 50 බැගින් ගෙන පත අට එකට සිඳවා දවසට වේල් 3 ක්‌ පානය කරන්න. එවිට උණ ඉතා ඉක්‌මණින් බැස යනවා. ඒ වගේම අධික වමනයටත් පතෝල යුෂ ඉතාම ගුණයි.

පතෝල යුෂ කෝප්ප භාගයක්‌ මී පැණි හැන්දක්‌ සමඟ මිශ්‍ර කර වමනය කරන රෝගියාට දුන් විට වමනය වහාම නවතිනවා. පතෝල වැලක්‌ ගෙන කුඩා කැබලිවලට කපා සම්පූර්ණ රැයක්‌ වතුරේ පොඟවා උදේට එයින් වතුර කෝප්ප දෙකක්‌ පෙරා පානය කළාම මුත්‍රා දැවිල්ල නැතිව යනවා. සමේ කුෂ්ට තත්ත්වයක්‌ හටගත්තාම පතෝල අඹරා කුෂ්ටය මත දවසට දෙවරක්‌ ආලේප කළාම කුෂ්ටය සුව වෙනවා.

නොමිලේ විස්‌තර සඳහා
0713464276/ 0759061771
අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

Loading...
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

error: Content is protected !!