සමාජ විරෝධි වැඩට වැට බඳින්න Facebook ආයතනයෙන් නව රැකියා 3000ක් | Gossip Lanka Sinhala News
Loading...
May
4
සමාජ විරෝධි වැඩට වැට බඳින්න Facebook ආයතනයෙන් නව රැකියා 3000ක්

සමාජ විරෝධි වැඩට වැට බඳින්න Facebook ආයතනයෙන් නව රැකියා 3000ක්

98 Views

ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ පළකෙරෙන සමාජ විරෝධී ප්‍රකාශන සහ දර්ශන අධීක්ෂණය කිරීම සඳහා තුන්දහසක පිරිසක් යෙදවීමට එහි නිර්මාතෘ මාර්ක් සකබර්ග් තීරණය කර ඇති බව බීබීසීය පවසනවා.

ඉදිරි වසරක කාලය ඇතුළත මෙම කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට නියමිත අතර ෆේස්බුක් ජාලයේ පළකෙරෙන වෛරී ප්‍රකාශන, ළමා අපචාර සහ ස්වයං හානිකර දර්ශන මෙම මෙහෙයුම් කණ්ඩායම විසින් අධීක්‍ෂණයට ලක් කරනු ලබනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ මිනීමැරුම් සහ සිය දිවි හානිකර ගැනීමේ සිදුවීම් කිහිපයක් පසුගිය දා ෆේස්බුක් ඔස්සේ සජීවීව විකාශනයවීමෙන් අනතුරුවය. අප්‍රේල් මාසය තුළ පමණක් මෙවැනි සිදුවීම් දෙකක් වාර්තා වී ඇති අතර ඉන් එක් සිදුවීමක් වන්නේ, තායි ජාතිකයෙකු සිය බිලිඳු දියණිය මරණයට පත්කරමින් තමන් ද දිවි හානිකරගන්නා ආකාරය සජීවීව විකාශනය කිරීමයි. අනෙක් සිදුවීම පුද්ගල ඝාතනයකි.

නව අධීක්ෂණ සැලැස්ම දියත්කරන ආකාරය පැහැදිලි කරමින් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකබර්ග් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර තිබේ.

නීතියට පටහැනි මෙන්ම වෙනත් පුද්ගලයන්ට හානිකර පුවත් පළකරනු ලැබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා නිරන්තරයෙන් විවේචනයට ලක්වෙමින් පවතී.

ෆේස්බුක් මාධ්‍ය ජාලයේ පළවන හානිකර දෑ අධීක්ෂණය සඳහා පත්කරන ලද 4500ක කාර්ය මණ්ඩලයක් දැනටමත් සේවයෙහි යොදවා ඇත.

-නෙත්

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!