මුල්ලිවයික්කාල්හිදී විපක්ෂ නායක සම්බන්ධන් පොලිස් ආරක්ෂාව ඇතුව කොටි සමරයි.. කොටි 500කගේ නම් ඇතුළත් කොටි සැමරුම් ප්‍රතිමාව විවෘත කිරීම වාරණයක් නිසා දින 14 කට කල් තබයි | Gossip Lanka Sinhala News
Loading...
May
18
මුල්ලිවයික්කාල්හිදී විපක්ෂ නායක සම්බන්ධන් පොලිස් ආරක්ෂාව ඇතුව කොටි සමරයි.. කොටි 500කගේ නම් ඇතුළත් කොටි සැමරුම් ප්‍රතිමාව විවෘත කිරීම වාරණයක් නිසා දින 14 කට කල් තබයි

මුල්ලිවයික්කාල්හිදී විපක්ෂ නායක සම්බන්ධන් පොලිස් ආරක්ෂාව ඇතුව කොටි සමරයි.. කොටි 500කගේ නම් ඇතුළත් කොටි සැමරුම් ප්‍රතිමාව විවෘත කිරීම වාරණයක් නිසා දින 14 කට කල් තබයි

64 Views

අවසන් යුද සමයේදී මියගිය කොටි සාමාජිකයින් 500කගේ නම් ඇතුළත් පුවරුවක් හා ඔවුන්ගේ වීරත්වය පිළිබිඹු වන මුලතිව් මුල්ලිවයික්කාල්හී ප්‍රතිමාවක් දින 14ක කාලයක් යනතුරු විවෘත නොකරන්නැයි නියෝග කරමින් මුලතිව් දිසා විනිසුරු එම්.අයි.එම්.සම්සුඩීන් මහතා අද(18) තහනම් නියෝගයක් පැනවීය.

මුල්ලිවයික්කාල් සැමරුම අද පැවති අතර මීට සමගාමීව මෙම ප්‍රතිමාවද විවෘත කිරීමට සැලසුම් කර තිබිණි. මෙම ප්‍රතිමාවේ සහ නාම පුවරුවේ මිය ගිය කොටි සාමාජිකයින් නිරූපනය වන බවට මුලතිව් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්වූවේය.

පිරිමියකු විසින් තුවාල ලබා සිටින කාන්තාවක දෑතින් ඔසවාගනු ලැබ සිටින ආකාරය දකින කුඩා දරුවා හඬා වැළපෙන අයුරුත් නිරූපනය කරමින් මෙම පිළිරුව නිර්මාණය කර ඇත.

කෙසේ වෙතත් යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ සැමරුම් උත්සවය යැයි පවසමින් මියගිය කොටි සැමරුම් උත්සවය අද (18) මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදි උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන්ගේ ප‍්‍රධානත්යෙන් පැවැත්වුණා.

අදාළ සැමරුම් උත්සවය වෙනුවෙන් විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මාෙවියි සේනාධිරාජා, ශිවඥානම් ශ‍්‍රීධරන්, ශිවශක්ති ආනන්දන්, ටි.සිද්ධාර්ථන්, උතුරු පළාත් සභා මන්ත‍්‍රීවරුන්, යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාවගේ ඥාතීන් ඇතුලු පිරිසක් සහභාගි වි සිටියා.

මෙහිදී උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් පැවසූවේ යුද්ධයෙන් මියගිය ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු විය යුතු අතර, යුධ අපරාධ සම්බන්ධයෙන් රජය සාධාරණ පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

මුල්ලිවයික්කාල් සැමරුම් උත්සයට සමගාමීව යාපනය විශ්ව විද්‍යාල සිසුන්ද යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකරමින් යාපනය විශ්ව විද්‍යාලය තුළ සැමරුම් උත්සවයක් සංවිධානය කොට තිබුණා.








Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!