තහනම නොතකා මුල්ලිවයික්‌කාල්හි කොටි සැමරුම් | Gossip Lanka Sinhala News
Loading...
May
16
තහනම නොතකා මුල්ලිවයික්‌කාල්හි කොටි සැමරුම්

තහනම නොතකා මුල්ලිවයික්‌කාල්හි කොටි සැමරුම්

61 Views

කොටි තහනම නොතකා ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම්, උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි සසිදරන් ඇතුළු පිරිසක්‌ මුල්ලිවයික්‌කාල්හිදී පහන් දල්වමින් කොටි සැමරුම ආරම්භ කර ඇත.

මෙම සැමරුමට සමගාමීව කොටි හිතවාදීන් පිරිස විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ අනුරුවක්‌ හදා ඊට සෙරෙප්පුවලින් හා පයින් ගසමින්ද, කෙළ ගසමින්ද රූගත කළ දර්ශන කොටි සමාජ ජාලා වෙබ් අඩවිවලින් විකාශය කර තිබේ.

කොටි සැමරුමට සහභාගි වූ සිවාජිලිංගම් ද්‍රවිඩයන් ලක්‌ෂයක්‌ ඝාතනය වූ බව දන්වමින් ජාත්‍යන්තර පරීක්‌ෂණයක්‌ ඉල්ලා ඇත.

කොටි සැමරුමේ අවසන් දිනය වූ මැයි 18 දා සැමරුම් උත්සවය උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව සිවාජිලිංගම් ප්‍රකාශ කරයි.

-කීර්ති වර්ණකුලසූරිය

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!