උතුරු මැද ඒකාබද්දයේ සියළු දෙනා මන්ත‍්‍රී ධුරයන්ගෙන් ඉවතට.. ලයිස්තුවේ ඊළග අය පත් කරන්න සූදානම් | Gossip Lanka Sinhala News
Loading...
May
15
උතුරු මැද ඒකාබද්දයේ සියළු දෙනා මන්ත‍්‍රී ධුරයන්ගෙන් ඉවතට.. ලයිස්තුවේ ඊළග අය පත් කරන්න සූදානම්

උතුරු මැද ඒකාබද්දයේ සියළු දෙනා මන්ත‍්‍රී ධුරයන්ගෙන් ඉවතට.. ලයිස්තුවේ ඊළග අය පත් කරන්න සූදානම්

87 Views

උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රි කණ්ඩායමක් මල් පොහොට්ටුවෙන් තම බහුතරය පෙන්වන්නේ නම් ඔවුන් එම ධුරවලින් ඉවත් කර ලැයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයන් මන්ත්‍රිධුර සඳහා පත්කර ගෙන පාලන කටයුතු ගෙනයෑමේ හැකියාව ඇතැයි පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා පැවැසීය.

දැනට පුරප්පාඩු වී ඇති අමාත්‍ය ධුරය සඳහා ඉදිරියේදී නව අමාත්‍යවරයකු දිවුරුම් දෙන බවත් දේශපාලන පක්ෂ ඇතුළේ තිබෙන මත ගැටුම් සභාවේ පාලනයට බලනොපාන බවත් පළාත් සභාව දැනට මුහුණ පා ඇති අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් පේෂල ජයරත්න මහතා මෙසේද කීය.

අනෙක් තැන්වල වගේ පළාත් සභාව තුළ ඔය කියන විදියේ බලයක් පෙන්වන්නට බෑ. පළාත් සභාවේ එකම කණ්ඩායමක් හැටියටයි අපි ඡන්දය ඉල්ලා තියෙන්නෙ. අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එකම කණ්ඩායමක් හැටියට ඡන්දය ඉල්ලලා තියෙනකොට කණ්ඩායමකට වෙනම හැසිරෙන්න බෑ. ඔවුන් වෙනම හැසිරෙනවා නම් ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පක්ෂයට තිබෙනවා. නීත්‍යනුකූලව කටයුතු කරලා ඔවුන් මන්ත්‍රි ධුරවලින් ඉවත් කර ඊළඟ ඉන්න අය මන්ත්‍රි ධුරවලට පත් කරන්නට ඕනෑ.

මොකක්ද මෙයාලට තියනවයි කියන කණ්ඩායම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව තිබෙනවා ඡන්දයකින් පස්සේ බහුතර මන්ත්‍රිවරුන්ගේ කැමැත්ත ඇත්තේ යැයි ආණ්ඩුකාරවරයා සලකනු ලබන තැනැත්තා, ඒ වගේම ආණ්ඩුකාරවරයා කල්පනා කරන හැටියට කිසියම් පක්ෂයක්, දෙකෙන් එකකට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් තනි පක්ෂයක් ලබාගෙන තිබෙනවා නම් එම පක්ෂයේ කණ්ඩායම් නායකයා ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ආණ්ඩුකාරවරයා පත්කළ යුතුයි කියා. එතකොට මම තමා දැනට කණ්ඩායම් නායකයා,

පක්ෂය නම් කරපු කණ්ඩායම් නායකයා. අපි ඔක්කොම ඡන්දය ඉල්ලුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එසේ නැතිව බුලත් කොළයෙන්, මල් පොහොට්ටුවෙන් නෙවෙයි. එයාල පොහොට්ටු ගහගත්තට කරන්න දෙයක් නෑ. අපි අහනව ඔයාල නියෝජනය කරන
පක්ෂය මොකක්ද කියලා. එතකොට එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ මල් පොහොට්ටුව හෝ හරි කියලා කිව යුතුයි නේ.

එසේ දෙන උත්තරය සාක්ෂියක් කරගෙන ඔවුන් මල් පොහොට්ටුව කියනවා නම් එයාල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නෙවෙයි කියලා අපි තීන්දු කරනවා. අපි මැතිවරණ කොමසාරිස්ට දැනුම් දෙනවා මෙයාල ධුරයෙන් පහ කරලා ඊළඟට ලැයිස්තුවේ ඉන්න අය මන්ත්‍රි ධුර සඳහා පත් කරන්න කියලා. ඒක බොහොම සරල දෙයක්.

– මව්බිම

Comments

comments

හොට්ම ගොසිප් බලන්න පහළට යන්න
Loading...
මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page
error: Content is protected !!